පේරාදෙණිය නගරයේ නායයෑමක් – පුද්ගලයෙක් මරුට

0

නුවර – කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළෙඳසැල් 04ක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ නායයෑමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම වෙළෙඳසැලේ සිටි පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රී සිදුවූ නායෑමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව ඔහුගේ සිරුර සෙවීමේ කටයුතු ඊයේ රාත්‍රියේම ආරම්භ කර තිබෙනවා.

මෙම ස්ථානය මීට පෙරද නායයෑමක් සිදුවූ ස්ථානයක් බැවින් වෙළෙඳසැල් හිමියන්ට ඉවත්වන ලෙස දැන්වූ බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *