පොලිසියට ඔත්තු දුන්නොත් බරටම මුදල් තෑගි

0

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර තිබෙනවා.

T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් දීමට තීරණය කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කරන්නේ.

එමෙන්ම  තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *