පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළට

0

පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000ක් දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යාංශය යෝජනා කර තිබෙන බවට වාර්තා වනවා.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේ පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමුවූ බව සඳහන්.

වර්තමානය වනවිට පෞද්ගලික අංශ සේවක වැටුප් ගැටලුව දැඩිව මතුවී ඇති බවයි කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා කියා සිටියේ.

පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින්ගෙන් කම්කරු නීතිය යටතට ගැනෙන්නේ මිලියන 03ක පමණ සංඛ්‍යාවක් පමණයි.

ඒ අනුව දැනට රුපියල් 12,500ක් වූ පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000 දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යාංශය යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *