“ඵලදාවර්ධන හා අලෙවි අංශය” වසා දමයි – ඇමතිගෙන් දැඩි නියෝගයක්

0

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින “ඵලදාවර්ධන හා අලෙවි අංශය” වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද  අමරවීර  මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එම අංශය මගින් වැඩිපුරම සිදුකරනු ලබන්නේ ඉඩම් ගොඩකිරීමට උපදෙස්දීම බවත්, ඉන් කිසිදු ඵලදාවර්ධන කටයුත්තක් සිදුනොවන බව නිලධාරින් අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව රජය කුඹුරු ගොඩකිරීම, ප්‍රතිපත්තියක් ලෙස තහනම් කර ඇති පසුබිමක එම අංශය වසා දැමීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම අදාළ අංශය අපනයනය සඳහා භෝග කිරීමේ හා ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ලෙස ද ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *