බිලියන 55ක වැඩිපුර මුදලක් අධ්‍යාපනට.

0

පසුගිය වසරට සාපේක්ෂව, 2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 55ක වැඩිපුර මුදලක් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ‍වෙන්කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.

අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය කාරණාවන පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් නියමිත වේලාවට ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.

එළඹෙන පෙබරවාරි මස 19 වන දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බවත් වසර 2030 වන විට සියළුම දරුවන්ට ‍නොමිලයේ දිවා ආහාරය ලබා දීම තම ඉලක්කය බවද අමාත්‍යවරයා අවධාරනය කළා.

ඒ සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *