බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ තොරතුරු රැසක් හෙලිවෙයි

0

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනී සිටීමට යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් ඇතුළු පස් දෙනකු ඝාතනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී පෙරේදා (21) උදෑසන එල්ලවුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධීකරණය කළ බව කියන පුද්ගලයාව හඳුනාගෙන කොටු කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා

වෙඩික්කරුවන් පැමිණි ජිප් රථයද මේ වනවිට පරිහරණය කරන පුද්ගලයා කවුරුන්ද යන්නද හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති අතර ජිප් රථය ඊයේ සවස් වන විටත් කඹුරුපිටිය ප්‍රදේශය ආශ්‍රිතව යම් ස්ථානයක නතර කර තිබී ඇත.

එම ජිප් රථය සමඟ මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ දියත් කර තිබුණා.

මේ අතර එම සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය පවසනවා.

මදක් ඉදිරියට යන ඔහු නැවතත් කඹුරුපිටිය බස් නැවතුම්පොළ දෙසට ගමන්කරන අයුරු දැකගත හැකි අතර අනතුරුව ඔහු මාතර දෙසට ධාවනය වන බස් රථයකට නැග එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැත.

මේ අතර බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදෑසන මර්ගගත ක්‍රමවේදය ඔස්සේ උසස් පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ, CCTV දත්තවල සටහන්ව ඇති මෙම සැකකරුගේ ඡායාරූප ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය වෙත යොමුකරන ලෙසට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *