බොරු විද විද එන තඹුත්තේගම මහසෝනා

0

දුටුගැමුණු රජුගේ යුධ සේනාවේ යක්ක සෙන්පති රිටිගල ජයසේන තවත් මිතුරු සෙන්පතියකු වූ ගෝටයිම්බරයාගේ බිරිඳ වූ සෝන කුමරියට කළ නොපනත්කමක් නිසා දෙදෙනා අතර වූ සටනේදී ගෝටයිම්බරයා ගහපු පා පහරෙන් රිටිගලයාගේ ඔළු‍ව කඳින් වෙන් වී ගියේය. මේ දැක කළබල වූ හෙනහුරා කොහෙවත් සිටි වලස් නාම්බකුගේ හිසක් ගෙන විත් රිටිගලයාගේ ඔළු‍ව වෙනුවට තැබුවේය. නමුත් හදිස්සිට ඔලු‍ව තබා තිබුණේ අනෙක් පැත්තටය.

මෙලෙස විකෘති වූ රිටිගලයා මරණයෙන් පසුව මහාසෝන යකා බවට පත් විය. එසේම මේකා එසේ මෙසේ යකෙකු නොවීය. තවත් රුදුරු අවතාර පහක් ද හිමිය. මේ අවතාර, ලේ සොහොන් යක්ෂයා, අමු සොහොන් යක්ෂයා, ජය සොහොන් යක්ෂයා, මරු සොහොන් යක්ෂයා, ගොළු සොහොන් යක්ෂයා ලෙස විටින් විට වෙස් ගෙන පැමිණ මිනිසුන්ට වින කර යයි.

මේ ජනප්‍රවාදයේ කතාව අද රටේ දේශපාලන බලවේගයකට ආදේශ කළහොත් හොඳටම ගැලපෙන්නේ ජවිපෙටය. ජවිපෙට ඔළුවක් තිබුණාද කියා කියන්න බැරි තරමට ඉතිහාසය පුරා පත ගොන් තකතීරු වැඩකර තිබුණත් නිශ්චිතවම ජවිපෙ ඔළු‍ව ගැලවී විසි වෙන්න ගැසුවේ මහින්දය. ඒ දැන් දශක දෙකකට පමණ පෙරය. හිස නැති කවන්දයක් ලෙස ජවිපෙ නන්නත්තාරව කාලයක් එහෙ මෙහෙ ඇවිදමින් සිටින විට අදෘෂ්‍යමාන බලවේගයක් විසින් ජවිපෙට ඔළුවක් සවි කර දුන්නේය. ඒ අනුරගේ ඔළු‍වය. ඒකත් මහසෝණගේ මෙන් අනෙක් පැත්තටය. මේ අනුව අමුතු දේශපාලන සත්වයෙක් බිහි විය. නිර්ධන පංති විප්ලවය ගැන කියමින් ධනවාදී ජීවන භාවිතාවක යෙදෙමින් ද, දවල්ට ධනවාදීන් භංගවේවා කියමින් රෑට ධනවාදීන් සමඟ ඩීල් දමමින්ද, අද වමේ ප්‍රතිපත්තිය හෙට දකුණට මාරු කරන පිළිවෙතකද ආදී වශයෙන් විටින් විට වෙනස්ව බොරු බේගල් අත් හරිමින් මිනිස්සුන්ට වින කරන අවතාර කිහිපයකටම ජවිපෙට ඇඳ ඇත. අද මේ විකාරරූපී සත්වයා පෙනී සිටින්නේ ජාතික ජන බලවේගය නමින් වන අවතාරය ලෙසය. දම්පාට සළුවක් පොරවාගෙන බෙල්ලේ මාලිමාවක් එල්ලාගෙන සිටී.

ඔරිජිනල් මහසෝනා භයංකරය. ජනප්‍රිය නැතත් ප්‍රසිද්ධය. මේ ජවිපෙ මහසෝණා දැන් ජනප්‍රිය වුවාට පස්සේ යකා වෙන්න බැරි නැත. මොකද දැන් ජවිපෙ සහ මාලිමා කයිවාරු ගැන කතා කොළොත් බය වෙන්න ඕන තරම් හේතු තිබෙන බැවිනි. ඒවාට ඇත්තටම බිය විය යුතුය. දෙමුහුණ් දෙබිඩි ඩබල්ගේම් දේශපාලන කණ්ඩායමක් රටේ බලය අත්පත් කරගැනීම කියන්නේම රටට කොඩිවිනයක් කළා කියන එකමය. ජවිපෙ, මාලිමාව පෙන්වා කරන්න යන්නේ මොනවාද කියන එක ගැන මතුව තිබෙන සැක සංකා එන්න එන්නම වැඩි වෙමින් තිබේ. වැදගත්ම දේ රට මුහුණ දෙමින තිබෙන සංකීර්ණ ආර්ථික අර්බුදය හමුවේ, බලය අත්පත් කරගන්න කැස කවන ජවිපෙ අර්බුදයට දෙන විසඳුම් මොනවාද යන්නය. පසුගිය සතියකදී අප මාලිමාවේ ආර්ථික ප්‍රතිපතිය පිළිබඳ නිල ලේඛනයේ ඇති විකාරය සහ බොරුව ගැන

“අනුරලාගේ වමට අනුව මේ රටේ මිනිස්සු තඩි මෝඩයන්ය” මැයෙන් හෙළිදරව් කෙළෙමු.

ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තිය සමාජවාදී විප්ලවාදී වැඩපිළිවෙලක් පදනම් කරගත් නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් සහිත රජයක් යටතේ තීරණය වන්නකි. එහෙත් මාලිමාවේ වැඩපිළිවෙල නව ලිබරල් ධනවාදයට සමාන්තරව යන මුත් වාම ජාතිකවාදයේද කුණු ගොඩවල් කරපින්නා ගත් විකාරයකි. ඒකට නමක් දෙන්න ජවිපෙ හෝ මාලිමා වියත්තු තවම අසමත්ය. නමුත් මේ දෙගොල්ලෝම විටින් විට කියන කතන්දරවල වෙනස් වීම මඟින් පැහැදිලිවන්නේ ඔවුන් අතට බලය යෑම පැහැදිලිවම දැවැන්ත අනතුරක රට වැටෙන බවය.

මේ ඊයේ පෙරේදා මාලිමාවේ නිල නොලත් නායිකාව නැතිනම් ජවිපෙ ආණ්ඩුවක අගමැති වන්න සිටින හරිණි අමරසූරිය ශදමඑමඉැ නාලිකවකට රටේ ආර්ථික අර්බුදය විසඳීමේ මාලිමා යෝජනා ගැන කියා තිබිණි. ඒවා ලිබරල් විසඳුම් වන අතර දැනටම ජනාධිපති වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කරමින් සාර්ථක කරගනිමින් තිබෙන දේය. පසුගිය සතියේ ඉරිදා පුවත්පතකට හරිණි කියා තිබුණේ සමාජවාදී නිර්ධන පංති කතා දැන් වැඩකට නැති බවය.

මේ අතර මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියේ තියෙන බොරුව හෙළිදරව් වීමෙන් පසුව මාලිමාවේ ආර්ථික විශේෂඥයකු කියන ශාන්ත ජයරත්න (ප්‍රතිපත්ති කමිටු සාමාජික -භඡඡ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක) නිකුත් කර තිබූ ලියවිල්ලක බරපතල කාරණයක් අඩංගුව තිබිණි. ඨෘඡ එකෙන් 6%ක සෘජු විදේශ ආයෝජන කැඳවන්න මාලිමා රජයකට පුළුවන් ද? මැයෙන් වු එම ලිපිය ජවිපෙ පුවත් වෙබ් අඩවිය වන ලංකාටෲත්හි පළ කර තිබිණි.

එහි එක් තැනක මෙසේ සඳහන්ය,

“ලංකාවේ සෘජු විදේශ ආයෝජන (ත්‍ෘෂ) අධෛර්යමත් කරන්නාවූ කරුණු රාශියක් ඇත. රටේ පවතින පරිපාලනමය බාධා (ඡරදජැාමර්ක ධඉිඑරමජඑසදබි) ඉන් ප්‍රධාන තැනක් ගනී. බදු නීති, ඉඩම් නීති, විදේශ විනිමය නීති, රේගු නීති, කම්කරු නීති, පරිසර නීති, පුරාවිද්‍යා නීති, පළාත් පාලන නීති සහ යල් පැන ගිය විවිධ අණපනත් ආදියේ පවතින දුර්වලතා සහ දැඩි බව ආයෝජන නිසි පරිදි කැඳවා ගැනීමට බාධා ඇති කරයි. ඊට අමතරව ආයතන රාශියකින් නානාප්‍රකාර අනුමැතීන් ලබා ගැනීමට ආයෝජකයන්ට සිදුවන අතර මේ සියල්ල සම්පූර්ණ වී ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවම වශයෙන් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ගත වේ. ආයෝජකයන්හට මෙම ආයතනවල දින සති ගණන් රස්තියාදුවීමට සිදුවීමට අමතරව ඉහළ සිට පහළට අල්ලස් දීමටත් සිදුවන අවස්ථා ඕනෑ තරම් ඇත. එවැනි රටක ආයෝජනය කිරීමට ආයෝජකයන් සූදානම් නැත”

මේ කතාව ඇත්තය. මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන්ව ඇත්තේ විදෙස් සෘජු ආයෝජන දළ දේශීය නිශ්පාදනයෙන් :ඨෘඡ* සියයට 10 අගයකට ගෙන එන බවය. ගැටළුව ඇත්තේ මෙම අගයට ගෙන එන එක නොවේ. එය සිදු කළ හැකිය. නමුත් ඒ කවර තත්වයන් යටතේද යන්න වැදගත්ය. ලංකාවට වැඩිම සෘජු විදෙස් ආයෝජන පැමිණියේ. 2018 වසරේදී එය ඩොලර් බිලියන 2කට ආසන්න වූ අතර ඨෘඡයෙන් සියයට 2කි. මේ අනුව මාලිමාවේ ඉලක්කය වසරකට ඩොලර් බිලියන 10කවත් සෘජු විදෙස් ආයෝජනයන්ය. එය ගෙන එන්න නම් ඉහත ශාන්ත ජයරත්න ලියා ඇති තිබෙන ඇත්තම ගැටළු තොගය විසඳා ගත යුතුය.

දැන් මේ ගැටළු මාලිමාවේ ආර්ථික විශේෂඥයන් නමෝ විත්තියෙන් හඳුනාගත් අලුත් ගැටළු නොවේ. දශක ගණනාවක් තිස්සේ රටට විසඳාගත නොහැකිව තිබෙන ගැටළුය. නමුත් පැවැති ආණ්ඩු හෝ වත්මන් ආණ්ඩුව හෝ මේවා විසඳා ගැනීමට උත්සහ නොකළාද නොවේ. ඒ වෙනුවෙන් විවිධ පියවර ගනු ලැබ තිබේ. ඒත් ඒ කිසි විටෙක ආණ්ඩු බලාපොරොත්තු වූ ලෙස මේ කිසිදු ගැටළුවක් විසඳාගනීමට හැකි වුයේ නැත. ඒ ආණ්ඩුවේ පාලකයන්ගේ වරදක් නිසා නොවේ. හේතුව වූයේ මේ කියන ප්‍රතිසංස්කරණයන්ට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාම ජාතිකවාදීන්ගේ උග්‍ර විරෝධයට මුහුණ දීමට ආණ්ඩු අසමත්වීම නිසාය. විසඳුම් හකුළා ගැනිනි.

විදේශ ආයෝජකයක් රටට එන විටම ඊට එරෙහිව විරෝධතා, උද්ඝෝෂණ, වැඩවර්ජනයන් සංවිධානය කිරීම ජවිපෙ වෘත්තීය සමිතිවල වැදගත්ම රාජකාරියකි. ආයෝජකයන්ට පහසුව සලසන, සහන සලසන කිසිදු ක්‍රියා මාර්ගයකට ජවිපෙ එකඟ නැත. රජයේ ඉඩමක් බදු දීමට ඉඩ දෙන්නෙ නැත. රාජ්‍ය සම්පත් විකුණාගෙන කනවා යැයි චෝදනා කරයි. බදු සහන, නීති රීති ලිහිල් කිරීම නොකළ යුතුය. මේ මොනවත් නැතිනම් පරිසර ප්‍රශ්නයක් හෝ අල්ලාගෙන ව්‍යාපෘතිය ඉටුකිරීමට ඉඩ දුන්නේ නැත. මේ ආදී තත්වයන් නිසා මෙරටට පැමිණ ආපසු හැරීගිය ආයෝජකයන් ප්‍රමාණය සිය ගණනක් විය හැකිය.

 මේ අතර මාලිමා විශේෂඥයා කියන සියයට 10 ඉලක්කය සපුරණ බවට සහතික කරන්නේ,

“…2024 භඡඡ රජය බලයට පැමිණි වහාම වසර 10ක සෘජු විදේශ ආයෝජන ජාතික ප්‍රතිපත්තියක් (භ්එසදබ්ක ත්‍ෘෂ ඡදකසජහ) සම්මත කරගැනීමට කටයුතු කරන අතර ව්‍යාපාර පහසු කිරීමට තිබෙන සියළු බාධා ඉවත් කිරීමට කටයුතු කරනු ඇත…” යනුවෙන් සඳහන් කරමින්ය.

දැන් ජවිපෙ මාලිමා ලේබලයේ ආණ්ඩුවක් යටතේ මේ කියන බාධාවල් ඉවත් කරන්නේ එදා ජවිපෙ විරෝධයන්ට යටත්වද යන්න මේ මාලිමා විශේෂඥයා සඳහන් කරන්නේ නැත. නමුත් එදා වැරදි දේ අද හරි කියා ජවිපෙ දැන් පිළිගන්නවාද දන්නේ නැත. එය එසේ නම් ඒ කියන්නේ දක්ෂිණාංශික රනිල්ගේ ප්‍රතිපත්තිය

පිළිගන්නවා පමණක් නොව එය කොහොම හරි ඉටු කරන්න බැඳී සිටින බවය. බොහෝ විටම රනිලටත් එහා ගොස් නව ලිබරල් ප්‍රතිපත්තියකට මාරුවීමේ සුදානමද විය හැකිය.

ඒ මොකද කියන්නේ, භඡඡ රජයේ ආයෝජන ප්‍රතිපත්තියේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ පළමු වසර පහ තුළ ලෝක බැංකුවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ (ෑ්ිැ දf ෘදසබට ඊමිසබැි ෂබාැං) පළමු 25 අතරට පැමිණීම බවද, ඒ සඳහා “ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව කළ යුතු වෙනස්කම් සහ ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ පුළුල් සැලැසුම් මේ වන විටත් සකසා ඇත…” යනුවෙන් සඳහන් කර ඇති බැවිනි.

මෙහි ‘ජාත්‍යන්තර නිර්ණායකයන්’ මොනවාද කියන එක වැදගත්ය. නව ලිබරල්වාදයේ ආර්ථික ප්‍රතිපත්තිය මිසක් මෙතැන වෙනකක් නැත. අඩු තරමින් නව ලිබරල්වාදියකු ලෙස ජවිපෙ විවේචනයට ලක්වන ජනාධිපති රනිල්වත් මේ කියන ජාත්‍යන්තර නිර්ණායකයන් අසලට යන්නේ නැත. මන්ද ඒ මුළුමනින්ම රට සිනන්කරේටම විකුණා දැමීමක් හා සමාන නිසාය. නමුත් මාලිමාව මේ වන විට ඊට සැලසුම් සකස්කරද අවසන්ය.

එමෙන්ම මේ විදේශ ආයෝජනයන්ට පැය 48ක ඇතුළත අධි වේගයකින් අනුමැතිය ලබාදීමටද මාලිමා ආණ්ඩුව සූදානම්ය… …භඡඡ රජයක් තුළ ආයෝජකයන්ට අවශ්‍ය අනුමැතීන් පහසුවෙන් ලබා ගැනීම සඳහා “තනි කවුළු සංකල්පය” (ීසබටකැ උසබාදඅ ක්‍දබජැචඑ) ඇති කරනු ඇත. “පුද්ගල හමුවීම්” ඉතාමත් අවම වන අතර සම්පූර්ණ ක්‍රියාවලියම පාහේ සිදුවන්නේ “ඩිජිටල්” ක්‍රමවේදයක් හරහාය. අනුමැතිය සඳහා මාර්ග දෙකක් ඇත. ස්වංක්‍රීය මාර්ගය (්මඑදප්එසජ ඍදමඑැ සබ ත්‍ෘෂ) සහ සාම්ප්‍රදායික මාර්ගය (්චචරදඩ්කරැඨදඩැරබපැබඑ ඍදමඑැ සබ ත්‍ෘෂ). පළමු ක්‍රමය අනුව උපරිම පැය 48ක් තුළ ව්‍යාපෘති අනුමැතිය ලැබෙන අතර දෙවන ක්‍රමයේදී සති 3-4 අතර කාලයේ දී ආයෝජකයාට අවශ්‍ය අනුමැතිය ලබා දීමට අදාළ බලධාරීන් නීතියෙන් බැඳී සිටින තත්ත්වයට අවශ්‍ය ප්‍රතිපාදන සැකසෙනු ඇත…” මේක නම් සුපිරිය. මේතරම් වේගයකින් ජවිපෙට අනුව නම් ‘ජාතික සම්පත්’ කියන දේවල් විකිණීමේ ක්‍රමවේදයක් මෙරට ඉතිහාසයේ තිබුණේ නැතැයි කිව හැකිය. මේ එක්කම මිනිසුන් නොමඟ යවන තක්කඩි තර්කයන්ද මේ ලියවිල්ල තුළ තිබේ.

…ෂඵත්‍ විසින් රජයට ලබා දී ඇති කොන්දේසියක් වන්නේ විදේශීය ණය ගෙවීම සඳහා ත්‍ෘෂ හරහා වාර්ෂිකව උපයා ගත යුතු ඩොලර් ආදායම (ඨරදි ෑංඑැරබ්ක ත්‍සබ්බජසබට භැැාි) සපයා ගැනීම සඳහා කැඳවා ගතයුතු සෘජු විදේශ ආයෝජන (ත්‍ෘෂ) ශුද්ධ ආදායම (ත්‍ෘෂ භැඑ ෂබකෙදඅ) 2023 සිට 2028 දක්වා පිළිවෙලින් ඩොලර් මිලියන 950, 1280, 1365, 1432, 1529 සහ 1549 ලෙසය. එහෙත් ලංකාවේ ත්‍ෘෂ ආයෝජන පසුගිය වසර කිහිපය සලකා බැලීමේදී ඩොලර් මිලියන 2019-656, 2020-419, 2021-580 සහ 2022-783ක් ලෙස ෂඵත්‍ ගිවිසුමේ හයවෙනි වගුවේම දක්වා ඇත. මේ අනුව බලන විට ෂඵත්‍ ලබා දී තිබෙන ඉලක්කවලට යෑමට පවතින රජයට හැකියාවක් තිබෙනවා ද කියා සැක සහිතය…”

ෂඵත්‍ එක මෙම ඉලක්ක රජයට ලබා දී තිබෙන්නේ රට මුහුණ දී ඇති තත්වයන් හරියටම දැනගෙන, ලබා ගතයුතු අවම ඉලක්කයන් ලෙසය. එහෙත් අර්බුද පැවැතියද 2023 වසරේ ඉලක්කය අභිබවා යෑමට රජය සමත්ව තිබිණි. මේ මාලිමා විශේෂඥයා 2019 සිට 2022 දක්වා ඉලක්කම් ඉදිරිපත් කරන්නේ එම වකවානුව තුළ මෙරටට විදේශ ආයෝජකයන් තබා සංචාරකයකුවත් නොපැමිණුන කාලවකවානුවක් බව සඟවාලමිනි. 2018දී ඩොලර් බිලියන 2ක පමණ ආයෝජන පැමිණි බවද සඳහන් කිරීම හිතාමතාම මඟහැර ඇති බවත් පැහැදිලිය. කෙසේ නමුත් මේ මාලිමා වියතා ජඩ ඉලක්කම් විජ්ජාවකින් පෙන්වා දෙන්න උත්සහ කරන්නේ ආණ්ඩුවට ඉලක්ක සපුරා ගන්නට නොහැකිය, මාලිමාවට පුළුවන් බවය. නමුත් මේ මිනිස්සු නොමඟ යවන තක්තඩි තර්කයකි.

මාලිමා වියතුන් මෙහෙම ජඩ වැඩ කිරීම පුදුමයට කරුණක් නොවේ. මීට පෙරද දේශපාලනයට ආ මෙවැනි වියත්තු මේ වැඩේ මේ විදිහටම කර තිබේ. කාබනික පොහොර නාඩගම ඒ එකකි. අවසානයේ රාජ්‍යය බංකොලොත් කර කෝටි දෙකක ජනතාවක් හාමත් වන තැනට පත් කළේය. අද මේ මාලිමා වියතුන්ගේ බයිලාවලට ජවිපෙ නායකයන් අසුවී සිටිනවාද අපි දන්නේ නැත. නැත්නම් ජවිපෙ මේ මාලිමා වියතුන් ඇමකට පාවිච්චි කරනවාද අපි දන්නේ නැත. දෙගොල්ලම දෙගොල්ලටම ඇන්දිලාද විය හැකිය. කොහොම නමුත් මෙය බරපතල දේශපාලන විකෘත්තියකි. භයානක අනතුරකි. මහසොහොණ් යකාගෙයි ජවිපෙ-මාලිමා දෙමුහුණ් විකෘත්තියෙයි වෙනසක් නැත්තේ ඒ නිසාය. මේ යක්කුන්ට බය නොවී සිටිය හැක්කේ සිහිවිකල වුණ්ට පමණකි. ඒ නිසා මේකා ජනප්‍රියව ඇත්තෙත් මේ සිහිවිකල වුන් අතර බව පැහැදිලිය.

  • ජයසුමන බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *