බොර දියේ ළුෑණු බෑමේ මාෆියාව
පරිභෝජනය සඳහා’ආහාර ද්‍රව්‍යය සපයාගැනීම හැමදාමත් තිබුණ අර්බුදයය. ලෝකයේ කිනම් දේශයක වුවත් එය එසේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙනුත් එය වෙනස් නැත. නමුත් මේ ආහාර සපයා ගැනීම වෙනුවෙන් සකසා ගන්නා ක්‍රමවේදයන් අවුල් වීම නිසා විටින් විට අර්බුදයන් තීව්‍රවීමත් සාමාන්‍යය දෙයකි. මෙරට සම්බන්ධයෙන් සලකා බැලූවිට මෙරට ප්‍රධානම ආහාරය වන සහල් අර්බුදය කාලයක් පටන් පැවැති හා තවමත් පවතින අර්බුදයකි. ඒ අතරට නොබෝදා එක් වූ’ආහාර ද්‍රව්‍ය වූයේ බොම්බයි ළුෑණු, රට ළුෑණු, ලොකු ළුෑණු, බී ළුෑණු ලෙස විවිධ’නම්වලින් හඳුන්වන ප්‍රමාණයෙන් ලොකු ළුෑණුය. මේ වන විට ලංකාවේ වෙළඳපොළේ හොඳම ලොකු ළුෑණු කිලෝවක මිල’රුපියල් 700ක පමණ අගයක් ගෙන ඇත. විවිධ’ස්ථානයන්හි විවිධ’මිල ගණන් යටතේ අළෙවි වන අතර ඒ සෑම තැනකම රුපියල් 500ට වඩා වැඩි මිලක් දක්නට ලැබේ.
ළුෑණු ඉන්දියාවේද? ලංකාවේද?
ලංකාවේ වාර්ෂික ලොකු’ළුෑණු පාරිභෝජන අවශ්‍යතාවය වසරකට මෙටි්‍රක් ටොන් 2,80,000කි. ආසන්නව මෙටි්‍රක් ටොන් ලක්ෂ’3කි. මෙවැනි අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ලංකාවේ ලොකු’ළුෑණු වගාව ශක්තිමත්ව පවතීද යන්න මූලිකවම සොයා බැලිය යුතු කරුණකි. මේ වන විට දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, හා මොරගහකන්ද යන ප්‍රදේශයන්හි ලොකු’ළුෑණු වගාව සිදුකරන අතර මේ සියලු ප්‍රදේශයන්හි ලොකු’ළුෑණු වගාව සඳහා ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 6,000ක් පමණ වන බව සඳහන් වේ. මෙම භූමි ප්‍රමාණයෙන් අප ලබාගන්නා
අස්වැන්න මෙටි්‍රක් ටොන් 120,000 හෝ 130,000ක් අතර ප්‍රමාණයකි. එය ලංකාවේ ලොකු’ළුෑණු අවශ්‍යතාවයෙන් හරි අඩකටත් අඩු ප්‍රමාණයකි. 2023 වර්ෂයේදී’ඉහත දැක්වූ’ප්‍රදේශයන්හි වගා කළ බිම් ප්‍රමාණය වූයේ හෙක්ටයාර් 450ක් තරම් ප්‍රමාණයක් වන අතර එම ප්‍රමාණයෙන් ලැබූ’අස්වැන්න මෙටි්‍රක් ටොන් 7851කි. මෙම ප්‍රමාණය සමස්ත ලොකු’ළුෑණු අවශ්‍යතාවයෙන් සියයට 5ක් තරම් අඩු ප්‍රමාණයකි.
මේ අනුව ලංකාවේ ලොකු’ළුෑණු අවශ්‍යතාවය සපුරාගැනීම සදහා වන නිෂ්පාදන ශක්‍යතාවයක් නොපවතින බැවින් අනිවාර්යෙන්ම ලොකු’ළුෑණු ආනයනය කිරීමට සිදුවේ. ලංකාවට ලොකු’ළුෑණු අපනයනය කරන රටවල් අතර ඉන්දියාව හා පකිස්ථානය ප්‍රධාන වන අතර ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරනු ලබන ලොකු’ළුෑණු ප්‍රමාණය සියයට 75ක් පමණ වන අගයකින් යුතු වේ. ඉන්දියාවේ ලොකු’ළුෑණු අපනයනයෙන් තුන් වන ස්ථානයේ පසුවන්නේද ශ්‍රී ලංකාව වේ. මීට අමතරව ඔවුන් ඇමරිකාව හා මැලේසියාව වේ. ඒ අනුව ලංකාවේ පරිභෝජනය කරනු ලබන ලොකු’ළුෑණු ප්‍රමාණය 2023 සැප්තැම්බර් දක්වා ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු’ළුෑණු මෙටි්‍රක් ටොන් 239,305කි. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 24,000 ක් පමණ වේ. මේ අනුව ලංකාවේ ලොකු’ළුෑණු පරිභෝජනයෙන් සියයට 75ක් පමණ’සපුරා ගනුයේ ඉන්දියාවෙන් වේ.
ඒ අනුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන්දියානු ලොකු’ළුෑණු සඳහා ඉඩ සැලසීමට සිදුව ඇත. එය ලංකාවේ අස්වැන්න සම්බන්ධයෙන් කොතරම් බලාපොරොත්තු සහගතව පැවැතියද මේ දක්වා ලංකාවේ ලොකු’ළුෑණු නිෂ්පාදනය සඳහා වන කිරා මැන බැලීම් කොතරම් පැවැතියද පවතින සත්‍යයට මුහුණ දීමට සිදුව ඇත. මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාවේ ලොකු’ළුෑණු අවශ්‍යතාවය සපුරාගැනීමක් කළ හැකිද? මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර කෘෂි කර්ම අධ්‍යක්ෂ (ලොකු’ළුෑණු භෝග නායක ) ඩි.ආර්. කාංචන සඳහන් කර සිටියේ වෙළඳපොළේ රුපියල් 100කට ලොකු’ළුෑණු තිබෙන අවස්ථාවක ගොවීන් මෙම ලොකු’ළුෑණු වගාවට නැඹුරු වීමක් දක්නට නොමැති බවත් ලොකු’ළුෑණු වගාවට ගොවීන් නොපෙළඹෙන්නේ ආර්ථික වශයෙන් ලාභයක් නොමැති බැවින් බව ගොවීන් සඳහන් කරන බවයි. ඒ අනුව හෙක්ටයාරයකට අස්වැන්න වැඩිකිරීමට මෙන්ම ඉහළ තාක්ෂණයෙන් යුතු අස්වැන්නක් සඳහා තාක්ෂණික පැකේජයක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් හඳුන්වා දෙන ලද අතර මෙයින් හෙක්ටයාරයකට අස්වැන්න මෙටි්‍රක් ටොන් 40ක් දක්වා වන ලෙස දෙගුණ කිරීමට කටයුතු කරනු ලබන බව ඔහු සදහන් කර සිටී. ඒ අනුව ඉදිරි වසර 03ක සැලැස්මක් අනුව මෙම ක්‍රියාන්විතය හඳුන්වා දෙන අතර මේ හරහා ලොකු’ළුෑණු කිලෝවක් රුපියල් 40කට නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර එය සාර්ථක වුවහොත් ලොකු’ළුෑණු කිලෝව රුපියල් 150කට අළෙවි කළ හැකි බවද සඳහන් කර සිටී.
කෙසේ නමුත් අනාගත සැලසුම් කොතෙකුත් තිබුණද මේ වන විට පවතින තත්වය නම් ලංකා වෙළදපොළේ ලොකු’ළුෑණු කිලෝවක් 700ත් 800ත් අතර මිළකට පැවැතීමය. මෙය කෙසේ වූවක්ද?’නැතහොත් මෙය වෙළඳ මාෆියාවක්ද?’යන්න පවතින තොරතුරු අනුව විමසා බැලීම වටී.
කුමන තත්වයක් තුළ’වුවද මීට මාස දෙකක පෙර ඉන්දියාව තම ලොකු’ළුෑණු අපනයනය කිරීම නවතා දැමුවේය. එයට හේතුව ලෙස ඉන්දියානු මාධ්‍ය’සඳහන් කර සිටියේ ඉන්දියාව තුළ’පවතින ආහාර අර්බුදයට ඉන්දියානු රජයේ පෙර සූදානමක් ලෙස මෙය සිදුවන බවය. එසේම මෙම තහනම් කිරීමේ කොන්දේසි ඉවත් කිරීම නවදිල්ලිය මහ මැතිවරණයට දැඩි බලපෑම් කළ’හැකි බවත්ය. දේශීය ගොවීන් රට තුළ’පවතින ආහාර අපනයනට පියවර ගත හොත් ඉන්දියාව තුළ’බඩු මිල’ඉහළ යාම සිදුවීම ඉන්දියානු රජයට සෘජුව මහජන විරෝධය එල්ලවීම සිදු විය හැකි බවත්ය. මැතිවරණයක් පවතින කාලයක් හේතුවෙන් එය කිසිසෙත්ම සිදු කිරීමට ඉන්දියානු පවතින රජය කටයුතු නොකිරීම මෙහි ප්‍රධාන සැලසුම වී’තිබේ.
මෙකී බලපෑම ලංකාවේ ලොකු’ළුෑණු මිල’ඉහල යාමට සෘජුව බලපානු ලබන අතර එමඟින් ඉන්දියානු වෙළඳ අධිකාරියේ තරම ලංකාව හමුවේ තැබීමට මේ අතරතුර සිදුවන අනෙක් ක්‍රියාමාර්ගය බවද දැක්වේ. ඒ අනුව මෙරට ලොකු’ළුෑණු වෙළඳපොළ තුළ ඉන්දියානු ඒකාධිකාරයක් පැවැතීම මෙම ගැටළුව උත්සන්න කර ඇත. මේ සම්බන්ධයෙන් තවත් කරුණු සොයා බැලූ’විට පෙනී’යන්නේ. ලංකාවට අපනයන කරන ලද ලොකු’ළුෑණු තොග තවමත් ලංකාවේ මහා පරිමාණ’තොග වෙළදුන් ළඟ ගබඩාකර ඇති අතර අනිසි ලාබ ඉපැයීම වෙනුවෙන් ඒවා වෙළඳපොළ වෙත නිකුත් කිරීම වලකාලමින් ව්‍යාපාරිකයින් පිරිසක් කටයුතු කරන බවත්ය.
ලොකු ළුෑණු මාෆියාව
වරින් වර මතුවන අර්බුද හමුවේ ඒවා තමන්ගේ වාසියට හරවාගෙන ඉන් මහා පරිමාණ’ආර්ථික වාසි ලබාගැනීම කොතෙකුත් සිදුව ඇත. කොරෝනා වෛරසය පැතිර යන කාලය තුළ’ද විවිධ’භාණ්ඩ හා සේවාවන් මුදල් ගැරීමේ ඉල්ලම් බවට පත්කර ගැනීමට කටයුතු කළ පිරිස් දැකිය හැකි විය. මෙය ව්‍යාපාරික වුවමණාවන් සපුරා ගැනීම සඳහා නිසි වෙළඳ ප්‍රතිපත්තියක් නැති මෙරට කදිම තෝතැන්නක් කරගත් ව්‍යාපාරිකයෝ අර්බුදයන් මතින් අයථා ලෙස මුදල් ඉපයීමට කටයුතු කළේය. හාල් මාෆියාවේදීද, බෙහෙත් ගෙන්වීමේ මාෆියාවේදීද එක ලෙස කටයුතු කරන මේ පිරිස ලොකු’ළුෑණු අර්බුදයේදීද තම ප්‍රතිපත්තිය හකුලා නොගන්නා බව පෙනේ.
එයට සාක්ෂි සපයමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදුන් සඳහන් කළේ දැවැන්ත පරිමාණයේ වෙළඳ ව්‍යාපාරිකයින් ලොකු’ළුෑණු තොග සඟවා තබා ගෙන සිටින බවයි. ඔවුන්ගේ අරමුණ ලොකු’ළුෑණු කිලෝවක් රුපියල් 800ත් 1000ත් අතර ප්‍රමාණයකට මිල වැඩි කිරීමක් දක්වා ගෙන ඒම බවය. ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු’ළුෑණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් විකුණන ලෙසත් තවදුරටත් මිල ඉහළ දමන ලෙසත් ඉන්දියාවේ ලොකු’ළුෑණු ආනයන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු’ළුෑණු අළෙවි කරන ඇතැම් වෙළෙන්දෝ පවසති. ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු’ළුෑණු තොග අයිතිකරුවන් වන්නේ ඉන්දියාවේම ව්‍යාපාරිකයන් බවත් එම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක්ම තමන්ට ලොකු’ළුෑණු අළෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.
ඒ අනුව, දඹුල්ල ප්‍රදේශයේ ලොකු’ළුෑණු තොග ගබඩාවල විශාල වශයෙන් ලොකු’ළුෑණු ගබඩාකර වෙළෙඳපළේ ලොකු’ළුෑණු හිඟයක් ඇතිකොට ඉතා ම සූක්ෂම ලෙස ලංකාවේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එක්ව ලොකු’ළුෑණු මිල ඉහළ දමා ජනතාව සූරා කෑමට ලක්කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව පැහැදිව ඇති කරුණකි.
බොර දියේ ළුෑණු බෑම
තත්වයන් මෙසේ පවතිද්දී’උත්සව සමයේ ජනතාවගේ විරෝධය රජය වෙත හැරවීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා කදිම පොටක් මෙම ලොකු’ළුෑණු හිඟය මගින් නිර්මාණය කොට ඇත. ඒ අනුව මේ දිනවල පාරට බසින ඕනෑම කෙනෙකුට ලොකු’ළුෑණු මිල’සම්බන්ධයෙන් අදහස් දැක්වුවහොත් ඇති වන වෛරය කූට ව්‍යාපාරිකයන්ට හෝ ඉන්දියානු කූට ව්‍යාපාරිකයන් හමුවට නොව සෘජුව ආණ්ඩුව වෙත දිගු වීම සාමාන්‍ය’ස්වභාවයය.
එහෙත් සිදුව ඇති දේ සත්‍යයක් වුවත් රජයේ වගකීම මේ වන විට ඉටුකරමින් පවතී. ඉන්දියාව සිය අපනයනය තාවකාලිකව නවතා තිබුණද එරට රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට ලොකු’ළුෑණු තොග ප්‍රමාණයක් නිදහස් කරගැනීමට ඉන්දියානු මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් කටයුතු යොදා ඇත. එසේම මෙරටට ලොකු’ළුෑණු ආනයනය කරන පකිස්තානයද සිය අපනයන සඳහා ගෙවීම් පිට පමණක් නිකුත් කිරීමේ රීතිය ලිහිල් කොට ලංකාවේ ඇණවුම්කරුවන් වෙත අත්පිට මුදලට ලොකු’ළුෑණු ගෙන්වීම සඳහා පහසුකම් සලසන ලෙසද ඉල්ලා ඇත. මීට අමතරව නෙදර්ලන්තය සහ චීනය වැනි රටවලින් ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවසර ලබා දී ඇති අතර එම තොග එළඹෙන සති දෙක තුන තුළ’ලංකාවට ලැබීමට නියමිත බවද සඳහන් වේ.
ඒ අනුව ඕනෑම අර්බුදයකදී රජය අපහසුතාවයකට පත් කිරීමේ ත්‍රාඪ මෙහෙයුම තුළ’ලොකු’ළුෑණු හිඟය විපක්ෂයේ සාර්ථක සටන් පාඨයක් නොවනු ඇති බව පැහැදිලිය. සිදුව ඇති අර්බුදය සඳහා තාවකාලික කෙටි කාලීන විසඳුම් ඇති වුවත් දිගු කාලීන විසදුම් වෙත රජය මේ වන විටත් පියවර ගනිමින් සිටී. ඒ ලංකාවේ අස්වැන්න දෙගුණ’හෝ තෙගුණ’කිරීම තුළින් ලංකාවේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාවයන් සලසා දීමේ වගකීම ඉටු කිරීම මෙන්ම කෙටි කාලීන විසඳුම් මඟින් ජනතාවගේ ආහාර අවශ්‍යතාවය මෙන්ම ඒවා අඩු මිලට ලබා ගැනීමේ පහසුකම් සලසා දීමත්ය.
ඒ අනුව මාෆියාකරුවන්ට හා රටේ මතුවන ඕනෑම අර්බුදයක් මඟින් බොර දියේ මාළු බෑමට කටයුතු කරන විපක්ෂයේ කණ්ඩායම්වලට ලොකු’ළුෑණු අර්බුදය අඛන්ඩව පවත්වාගෙන යෑම සාර්ථක නොවෙනු ඇත. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහෙයවන රජයක දී අර්බුද නිමා කිරීම වෙනුවෙන් කෙටි කාලීන හා දිගු කාලීන නිවැරදි තීරණ ගැනීමට සමත් වන නිසාය.
…….කේ.පී.අයි. ප්‍රියංගනී…….