මගී නෞකා 35 ක් කොළඹ වරායට

0

නව වසරේ එලඹෙන සංචාරක සමයත් සමග සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නාවුක කොට්ඨාසය සදහන් කරනවා.

තවද ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරනායක තටාකය පිහිටි ජැටිය යොදා ගැනීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා .

ඒ අනුව මීටර් 350 ක් දිගින් යුතු විශාල නෞකා 03ක් එකවර පැමිණියත්, එම මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවයි වරාය අධිකාරියේ නාවුක කොට්ඨාසය සදහන් කරන්නේ.

එම බණ්ඩාරනායක තටාකයේ සංවර්ධන කටයුතු සිදු කරන තෙක්, පැරණි මගී පර්යන්තය තුල සහ ඒ අසල සංචාරකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබා දීමටත්, අවන්හල් සහ වෙලඳ භාණ්ඩ අලෙවි සැල් පවත්වාගෙන යාමටත්, අවශ්‍ය පහසුකම් සැපයීමට වරාය අධිකාරිය විසින් ක්‍ෂණික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා .

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (19) පැරණි මගී පර්යන්තයේ සහ බණ්ඩාරනායක තටාකයේ දැනට පවතින තත්ත්වය පිලිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකද නිරත වී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *