“මිජවුම්” ප්‍රචන්ඩ වෙයි – 7,000 කට ආසන්න පිරිසක් ඉවත් කරයි.

0

Michaung සුළි කුණාටුව හේතුවෙන් පවතින අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට කුණාටුව මේ වනවිට ළඟා වී ඇති අතර තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල පහත් බිම්වල වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන චෙන්නායි ගුවන් තොටුපළද වසා දමා ඇති අතර චෙන්නායි නගරයේ බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන බව ඉන්දීය මාද්‍ය වාර්තා සදහන් කරන්නේ.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් චෙංගල්පත්තු නගරයේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා .

කාලගුණ විද්‍යා නිලධාරීන් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වෙරළබඩ දිස්ත්‍රික්කවලින් පුද්ගලයින් 7,000 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති අතර සුළි කුණාටුවේ ගමන් මාර්ගය සහ ප්‍රචණ්ඩත්වය අනුව අමතර 21,000 ක් ඉවත් කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *