මුදල් පසුපස දුවන සමාජයක මීගලෑවේ සිසුවියන් දෙදෙනාගේ උතුම් මනුසත් ක්‍රියාව

0

මාර්ගයක වැටී තිබියදී හමුවූ රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ හා මුදල් පසුම්බියක් සැබෑ හිමිකරුවන් සොයා භාරදුන් සිසුවියන් දෙදෙනෙකු පිළිබදව මීගලෑව ප්‍රෙද්ශයෙන් වාර්තා වනවා.

මීගලෑව මහවැලි ජාතික පාසැලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසුරි යුවනිකා ධර්මපාල සහ සඳුනි නිමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනාටයි මෙම රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය හමු වී තිබෙන්නේ.

මෙලෙස හමුවූ රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය එහි සැබෑ හිමිකරුවන් සොයා භාරදීම සදහා ඔවුන් එය මීගලෑව පොලීසියට භාරදී තිබෙනවා.

එම මුදල් සහ රන්ආභරණ පාර්සලය එහි හිමිකරුවන් සොයා ඔවුන්වෙත භාරදීමට මීගලෑව පොලීසිය කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සමාජ සාරධර්ම වියැකී යන සමාජයක මෙවන් ක්‍රියාවක් කිරීමට පෙළඹුණු මීගලෑව මහවැලි ජාතික පාසැලේ සිසුවියන් දෙදෙනාගේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් මීගලෑව පොලීසිය විසින් ඔවුන්ට ස්තූති කරමින් පාසැලේ විදුහල්පතිනිය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති අතර අදාළ සිසුවියන් සිදුකළ මෙම ක්‍රියාව අගය කරමින් ඔවුන් ඇගයීමට කටයුතු කරන බවයි මීගලෑව මහවැලි ජාතික පාසැලේ විදුහල්පති මංගලිකා වීරසේකර මහත්මිය සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *