මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ නඟී.

0

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මාසය අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගොස් තිබෙන බව 
වාර්තා වනවා.

පසුගිය 2022 වසරේ එම කාලයේදී මෙරට දළ නිල සංචිත අනුපාතය අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක්ව පැවැති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව දළ සංචිත ප්‍රමාණය මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට විශාල වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසනවා.

චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම් මේ වසරේ දළ නිල සංචිතයට ඇතුළත් වන අතර චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ඊට අයත්.

එය භාවිත කිරීම යම් යම් කොන්දේසිවලට යටත්ව සිදු වන බව ද මහ බැංකුව කියා සිටියා.

මේ වසරේ ඔක්තෝබර් මාසය තුළ දී ශුද්ධ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දේශීය, විදේශ විනිමය වෙළෙඳ පොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 108ක් මිල දී ගෙන තිබෙන බව ද සමස්තයක් වශයෙන් මහ බැංකුව 2023 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාලපරිච්ඡේදය තුළ ශුද්ධ පදනම මත ඩොලර් බිලියන 1.7ක් මිල දී ගෙන තිබෙන බව ද මහ බැංකුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *