මෙරට තුළ ලබාදී ඇති ගිනි අවි බලපත්‍ර පිළිබඳ අනාවරණයක්.

0

මෙරට තුළ ගිනි අවි 37,000කට පමණ මේ වන විට බලපත්‍ර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

1996 අංක 22 දරණ ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම සදහා 2012 වසරේ සිට කාරක සභාව මගින් නිර්දේශ කර තිබුණද එය විවිධ හේතුමත පමා වී ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණි ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට සංශෝධිත පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බැවින් කඩිනමින් එම කටයුතු අවසන් කරන බව ඔවුන් කෝපා කමිටුව හමුවේ සඳහන් කර තිබෙන අතර බලපත්‍ර ගාස්තු සංශෝධනය කළ යුතු බැවින් මෙම ප්‍රමාදය ඔස්සේ රාජ්‍ය ආදායම අහිමි වීම සිදුවන බැවින් එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුවේ දී අවධාරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *