මෙරට ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක්

0

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂයන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කියා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව, අයවැය සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සලකා බැලීම් ඇතුළත් කිරීම සඳහා රාමුවක් සකස් කළ යුතු බවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ අයවැය මුලපිරීම්වල බලපෑම සොයා බැලීම සඳහා අධීක්ෂණ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමටත් එකඟතාවය පළ කර ඇති බව සඳහන්

තවද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සඳහා වන 25% කෝටාව සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත්තේ.

මීට අමතරව පාර්ලිමේන්තුවේ 25% හෝ ඊට වැඩි කාන්තා නියෝජනයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම සහ රටේ ජනගහනයෙන් 50% ක් වන කාන්තාවන් මෙම කාර්යය සඳහා මෙහෙයවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *