මේ වසරේ දී අස්වැසුමට නව ප්‍රතිලාභීන් ලක්ෂ 04ක්

0

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අස්වැසුම වැඩසටහන සඳහා නව ප්‍රතිලාභී ලක්ෂ හතරක් මෙම වසරේ සිට ඇතුළත් කර තිබෙනවා.

තවද අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා හා විරෝධතා ලක්ෂ 11ක පමණ ප්‍රමාණයෙන් මේ වනවිට නම ලක්ෂ විසි දහසක පමණ අයදුම් පත්‍ර සලකා බැලීම සිදුකර අවසන් බවත් ඉන් දෙලක්ෂ හතළිස් තුන්දහසක ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභින් ලෙස නව ප්‍රතිලාභීන් පිරිසක් හඳුනාගෙන තිබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ.

නව ප්‍රතිලාභීන් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීම සඳහා සැලසුම් මේ වන විට සූදානම් කර ඇති බවත් මෙහිදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ (06) අනුරාධපුර , නාච්චාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවති සංවර්ධන කමිටු රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ පාර්ලිමේන්තුව විසින් ප්‍රතිලාභීන් මිලියන විස්සක් සඳහා අනුමැතිය ලබාදී තිබුණ ද ඉන්පසුව ලැබුණු ඉල්ලීම් මත පවුල් ලක්ෂ විසිහතරක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් එය මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාර්තු මාසයේදී පමණ දෙවන සමාලෝචනය සිදුකරනු ඇති බවත් ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම අනුව කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකි වූවා.

මේ වනවිට සියයට අටකට තිබූ රාජ්‍ය ආදායම 11.2 % දක්වා වැඩිකර ගැනීමට රජයට හැකි වූ බවත් එය 2026 වසර වන විට 15% දක්වා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම බලාපොරොත්තුව බවද මෙහිදී බදු නොගෙවෙන සහ අඩුවෙන් බදු ගෙවන පිරිස් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය .

ධනාත්මක ආර්ථික ක්‍රමය සෘණාත්මක ආර්ථික ක්‍රමයක් බවට පත්කර ගැනීම අවධානය යොමු කළ යුතු බවත් පවතින නායකත්වය සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණය තවදුරටත් ශක්තිමත් කරගෙන පවත්වාගෙන යෑම සිදු කළ යුතු බවද  රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *