මේ වසර මැද යළි අරඹන ව්‍යාපෘති

0

ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමූ ව්‍යාපෘති මෙම වසර මැද යළි ආරම්භ කිරීම⁣⁣ට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටිනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වාදෙන්නේ ව්‍යාපෘති 900ක් පමණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගමන් කිරීමත් සමග ඇති වන විශ්වසනීයත්වය ද ඊට පිටිවහලක් වන බවත් ආර්ථිකය -7.2%ක පසුගාමී වර්ධනයක් අත්කර ගනිද්දී ඉදිකිරීම් ක්ෂේත්‍රය 20.5%ක ඍණ වර්ධනයක් අත් කරගත් බව අමාත්‍යවරයා අවධාරනය කළා.

රාජ්‍ය සේවා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමිනුයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *