යල කන්නයේ වගා හානි සිදුවූ ගොවීන්ට ඉන්ධන නොමිලයේ ලබා දීම ඇරඹේ.

0

පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා ඉන්ධන නිකුත් කිරීම ඊයේ (19) ආරම්භ කරනු ලැබුවා .

පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම ඊයේ(19) අගුණකොළපැලැස්සේ පැවති වැඩසටහනක දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.

පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වලව කළාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගා හානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවනු ඇති .

පසුගිය යල කන්නයේ වී වගා කළ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් වූ අතර එම ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ දී කුඹුරු අස්වැද්දීම සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන්නේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *