රනිල් එන්නේ ඡන්ද සුනාමියක් අරගෙන

0

මීට වසරකට පමණ පෙරාතුව අපි කිව්ව ඇත්තක් තියෙනවා.
රැල්ල හැදුවේ රනිල්

ආර්ථික අර්බුදය සහ දේශපාලන ව්‍යාකූලත්වය මත කඩා වැටී තිබූ ශ්‍රී ලංකාව රාජ්‍යය නැවත ගොඩ නැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනාකර ක්‍රියාත්මක කරමින් තිබෙන විසඳුම් මාලාව රටේ ජනප්‍රිය දේශපාලන රැල්ල බවට පත්වෙමින් තිබේ.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සංචාරක ව්‍යපාරය යළි නඟාසි‍ටුවීම, විදේශ ප්‍රේෂණ වැඩි වශයෙන් ගෙන්වා ගැනීම, විදේශ ආයෝජකයන් කැඳවීම සහ එමඟින් වන ආර්ථික ප්‍රසාරණය මඟින් රට යළි සංවර්ධනයේ මාවත වෙතට ගෙන ඒ ජනාධිපතිවරයාගේ මූලික විසඳුම් යෝජනාවන්ය. ඒ වෙනුවෙන් මේ වසර තුළත් යම් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් එම කැපකිරීම වෙනුවෙන් ජනතාව සූදානම් විය යුතු බවත් ඔහු බොහෝ කලකට පෙරම පෙන්වා දී තිබිණි.
පළාත් පාලන මැතිවරණ උණුසුමත් සමඟ වර්ධනය වී ඇති දේශපාලන ‍රැළි දෙස බැලීමේදී ඒ සියලු බලවේග ජනාධිපතිවරයාගේ මෙම විසඳුම් මාලාව පිළිගෙන ඇති අතර එය සමාජයේ රැල්ලක් බවට පත් කරවීමටද සමත්ව තිබෙන බව නිරීක්ෂණය වේ. ජාතික ජන බලවේගය මෙම විසඳුම් මාලාව එලෙසම පිළිගනිමින්
ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම ජනාධිපතිවරයා යෝජනාකර මේ වන විටත් ක්‍රියාත්මක තලයේ පවතින දේශපාලන ප්‍රතිසංස්කරණයන්ටද විපක්ෂ බලවේගවල එකඟත්වය ලැබී තිබේ. විශේෂයෙන්ම 13වන ආණ්ඩුක්‍රම සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතුය යනුවෙන් ජනාධිපතිවරයා කළ යෝජනාව ජාතික ජන බලවේගයේ නායිකාවක වන පාර්ලිමේන්තු මන්ත්‍රීණි හරිණි අමරසූරිය පසුගියදා පිළිගෙන තිබුණා පමණක් නොව එතැනින් එහාටද ගමන් කළ යුතු බව පෙන්වා දී තිබිණි.
මේ අනුව ජාතික ජන බලවේගයේ
මැතිවරණ රැල්ල මුළුමනින්ම රනිල්ගේ විසඳුම් වෙනුවෙන් වන රැල්ලක් බවට පත්ව ඇත. එසේම සමගි ජන බලවේගයටද
රනිල්ගේ විසඳුම්වලින් තොර විසඳුමක් නැති බව එහි ආර්ථික විශේෂඥතාවයක් ඇති මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් තුළින් ද පැහැදිලිය. එසේම 13 වන ව්‍යස්ථාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට එරෙහිව සජබයට කටයුතු කිරීමේ හැකියාවක් නැත. එහි නායක සජිත් ප්‍රේමදාස වේදිකාවල කුමක් ප්‍රකාශ කළ ද යථාර්ථය වන්නේ රනිල්ගේ විසඳුම් මාලාව ක්‍රියාත්මක කරවීමය.
මේ අනුව මේ වන විට ටෙලිෆෝන්, මාලිමා, පොහොට්ටු සහ අලි ලෙස ගොඩනැගෙන රැළි රනිල්ට ගොඩනැඟීමට
අවශ්‍ය වූ ‍රැල්ලය. ඔහුගේ පනස් වසරකට ආසන්න දේශපාලන ජීවිතය තුළ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වූ රැල්ලය. මෙය නිදහසෙන් පසු ගෙවෙන 75 වසරක ඉතිහාසයේ සුවිශේෂී මොහොතක් ලෙස හැඳින්විය හැකිය. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුවත් විපක්ෂයත් එක මතයකට ගොනුවීම මීට පෙර දකින්නට නොලැබුණු තත්වයකි. මේ අතර විපක්ෂය, පක්ෂ ලෙස බෙදී වෙනස් මත දරමින් සිටින බව ප්‍රදර්ශනය කිරීම සිදු කළත් ඔවුනොවුන් අතර දැන් තරගය ඇත්තේ රනිල්ගේ විසඳුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කණ්ඩායම බවට නැතිනම් එහි නායකත්වය ගැනීමේ තරගයක් ලෙස තේරුම්’ගත’හැකිය.
(2023 පෙබරවාරි 05 ක්‍ය්එය්ප ීඑරුැඑ න්‍දමරබ්ක ප්‍රධාන පුවත)
එදා අපි මෙහෙම කිව්වාට පිළිනොගත් අයට අද මේ ඇත්ත ඇහෙන් දකින්න, කණෙන් අහන්න සිදුව තිබේ.
ජනාධිපති රනිල් රට භාරගනිද්දී සියළු පාර්ශ්වවලින් ඉල්ලා සිටියේ දේශපාලනය තාවකාලිකව නවත්වා රට මේ මොහොතේදී ගොඩගැනීමට සියළු දෙනා එකවන ලෙසය. ඒ වෙනුවෙන් දිගින් දිගටම ආයාචනා කළේය. එහෙත් කිසිවකුත් ඒ සහය ඔහුට ලබාදුන්නේ නැත. නමුත් ඔහු නොසැලී අධෛර්යමත් නොවී තමන් භාරගත් වගකීම වෙනුවෙන් වැඩ කළේය. එය සාර්ථකත්වයට පත්වුයේ ඔහුගේ අධිෂ්ඨානය සියල්ලට වඩා බලවත් වූ බැවිනි. එමෙන්ම මේ වන විට සියළු පාර්ශ්වයන්ට ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල මඟ හැර සිටින්න නොහැකි තැනට පත්කිරීමටද ඔහුට හැකිව තිබේ.
රට ආර්ථික බංකොලොත්භාවයෙන් මුදවාගැනීම සඳහා අනිවාර්ය විසඳුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම බව රනිල් යෝජනා කරන විට එය
පිළිගැනීමට මැලි වූ, විරුද්ධ වූ, සැක කළ අය සිටියහ.
ඒ අතර, ජනතා විමුක්ති පෙරමුණ දන්නා කාලයේ සිටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, ලෝක බැංකුවට, ලෝක වෙළඳ සංවිධානයට, ආසියානු සංවර්ධන අරමුදලට ආදී ජාත්‍යන්තර සංවිධානවලට පමණක් නොව රාජ්‍යයන් අතර වන ද්විපාර්ශ්වික ගිවිසුම්වලට පවා විරුද්ධව පෙනී සිටි, කැරලිගැසු කණ්ඩායමක් විය. ෂඵත්‍ ප්ලග් එක ගලවනවා යැයි කීවේ ජවිපෙය. ඒ අනුව යමින් රනිල් ෂඵත්‍ යනවා කිව්වාම ෂඵත්‍ ගිහින් ගොඩගිය රටක් නැති බව අනුර කුමාරලා තැන තැන කියවමින් ගියේය. ලෝකයේ හතර දිග්භාගයෙන්ම උදාහරණ අරගෙන කීවේ, ෂඵත්‍ යෑම සාර්ථක විසඳුමක් නොවන බවත් එහි සහය ගත් රටවල් තවතවත් ආර්ථික අර්බුදයන්ට ගොදුරු වූ බවත්ය. ලංකාවත් මීට පෙර 16 වතාවක් ෂඵත්‍ ගිහින් තිබෙනවා ඉතින් රට ගොඩ ගියාද යැයි ප්‍රශ්න කළේය.
කොහොම නමුත් ජනාධිපති රනිල් එවකට අගමැතිව සිටිය දී ෂඵත්‍ සමඟ සාකච්ඡාවක් සූදානම් කරමින් එම නියෝජිතයන් මෙරටට ගෙන්වා ගත් විට ජවිපෙ කළේ ඊනියා අරගලයට මුවා වී රට ගිනි තැබීමය. ඒ ගින්නට බියේ ෂඵත්‍ නියෝජිතයන් සාකච්ඡා කිරීම පැත්තක දමා ආපහු ගියේය. ජවිපෙට අවශ්‍ය වූයේ සිය ෂඵත්‍ විරෝධය මත ඒ සාකච්ඡා කඩකප්පල් කිරීමය. ජනවරමක් නැති ජනාධිපතිවරයකු, ආණ්ඩුවක් තිබෙන විට ෂඵත්‍ සහය නොලැබෙන බව සපථ කළේය. නමුත් කෙසේ හෝ යළි එම සාකච්ඡා සාර්ථක කරගනිමින් ජනාධිපති රනිල් එකඟතාවයකට එන විට ජවිපෙ කළේ සිය වෘත්තීය සමිති හා අනෙක් බහුජන සංවිධාන ඒකරාශි කරගනිමින් ඊට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ සිදු කිරීමය. පාර්ලිමේන්තුවට එකඟතා ලියවිල්ල ඉදිරිපත්කර සම්මත කරගැනීමේදි ජවිපෙ ඊට තදින්ම විරුද්ධ විය. විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය. ෂඵත්‍ නිර්දේශ කළ ආර්ථික ප්‍රතිසංස්කරණය ඉ‍ටුකිරීමට රජය සැරසෙන විට වැඩවර්ජන සංවිධානය කළේය. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන තැනට වැඩ කළේය. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන විට බැංකු පද්ධතිය කඩාවැටෙන බව දින වකවානු සහිතව කියමින් රටම බියට පත්කළේ බැංකු තැන්පතු අහිමි වෙන බවත් ඒවා යළි අතට ගන්නා ලෙස තැනපත්කරුවන් පොළඹවමිනි. සේවක අර්ථ සාධකය අහෝසි වෙන බවත් එහි සාමාජිකයන්ට තැන්පතු මුදල් නොලැබෙන බවත් කීවේය. බදු ප්‍රතිසංස්කරණයට එරෙහිව නොඅල්ලපු අඩව්වක් නැත. ෂඵත්‍ පළමු වාරිකය රජය ලබාගත්තේ මෙවැනි බාධක මධ්‍යයේය. දෙවන වාරිකය ලබා ගැනීම වැලැක්වීමට ද ජවිපෙ දන්නා දහංගැට සියල්ලම දැම්මේය. එහෙත් ජනාධිපති රනිල් ජවිපෙට හෝ විරුද්ධවාදීන්ට සෘජුවත් නිර්භයවත් අධිෂ්ඨානශීලීවත් මුහුණ දෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ අතර රට බංකොලොත්භාවයෙන් මුදාගත්තේය.
රනිල්ගේ සාර්ථකත්වය හමුවේ ජවිපෙ අනුරලාට රනිල්ගේ වැඩපිළිවෙළ පිළිගැනීමට සිදු වූයේ කපන්න බැරි අත සිඹින්න වූවා සේය. තමන් ආර්ථික අර්බුදය විසඳන්නේ කෙසේද යන්න ගැන ව්‍යාපාරිකයන් හමුවේ අනුරට ඉදිරිපත් කරන්න සිදුවූයේ රනිල්ගේ විසඳුම් මාලාවමය. එහිදී ෂඵත්‍ නම නොකියා තෙවන පාර්ශ්වයක සහයෝගයෙන් වැඩේ ගොඩදාන්න හැකි බව කියන්න සිදුව තිබිණි.
පසුගියදා මෙරට පැමිණ සිටි ෂඵත්‍ නියෝජිතයන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ ජනාධිපති රනිල් ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් සහ ෂඵත්‍ එකඟතාවයන් ගැන සාකච්ඡා කර තිබු අතර ඒ අනුව ජවිපෙ සමඟද සාකච්ඡාවක් කර තිබිණි. ජවිපෙ හිතවාදීන් මෙන්ම බොහෝ අය බලාපොරොත්තු වූයේ ෂඵත්‍ නියෝජිතයන් අනුරගෙන් කන්පුරෝ ගන්න අහගනු ඇති බවය. නමුත් අනුර සාකච්ඡාව මඟහැර එය හරිණිට භාර දුන්නේය. මොකද ජාත්‍යන්තරය සමඟ වැඩකිරීම ගැන අවබෝධයක් ඇති එකම සුදුස්සා වූයේ හරිණි පමණක් බැවිනි. ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්තිද පසෙකට වී සිටියේ මේ මැජික් එක දැක බලාගැනීමටය. ඒ අනාගත මුදල් ඇමැති වෙන්න බලා සිටින නිසා මේ අත්දැකීම් ඔහුට වැදගත් නිසා විය හැකිය. ඔහු එතෙක් සිතා සිටියේ මේවා ‘මචං’ ලෙවල් එකෙන් බේරගන්න පුළුවන් කියාය.
කොහොම නමුත් මෙහිදී සාකච්ඡා කළ කරුණු මොනවාදැයි ජවිපෙ නිල වශයෙන් කිසිවක් කීවේ නැත, හඳුන්නෙත්ති එක දෙයකුත්, විජිත හේරත් එක දෙයකුත්, ටිල්වින් සිල්වා වෙනත් දෙයකුත් ආදි වශයෙන් මාධ්‍යයන්ට විවිධ ප්‍රකාශ ලබා දී තිබිණි. ඒවා කෙසේ නමුත් පසුගියදා හරිණි යූ‍ටියුබ් සාකච්ඡාවකට සහභාගී වී ජනාධිපති රනිල් ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිපත්තියෙහි නිවැරදිභාවය ගැන අනියමින් හෝ තහවුරුවක් දී තිබිණි. ජවිපෙටත් එය මඟහැර වෙන මඟක් නැති බව ඉතා පැහැදිලිව මෙහිදී අනාවරණය වී තිබිණි. ඒ සාරාංශගත කළහොත් “…අපිටත් ණය ගන්න වෙනවා. ණය ගන්න එක වැරැද්දක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අපිට යන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. බදු වැඩිකරපු එක ගැන එකඟවෙන්න පුළු‍වන්. ඔක්කොම හදන්නෙ බදු නොගෙවා ඉන්න. රටක බදු වැඩි වෙන්න ඕන.”‍ යන්නය. එයට විවිධ ආලවට්ටම් සහිත සක්කා කෑලි එකතුකර තිබුණත් ජනපති රනිල්ගේ ප්‍රතිපත්තියෙන් වෙනස් වූයේ නැත. මේ අනුව ෂඵත්‍ එකත් එක්ක වූ සාකච්ඡාවේදී ජවිපෙ, රජය සහ ෂඵත්‍ එකඟතාවයන්ට එකඟ වුවාට සැක නැත. මෙම සාකච්ඡාවලින් අනතුරුව ෂඵත්‍ ප්‍රධානියකු මාධ්‍යය හමුවේදී පැවසුවේ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණයන් ඉදිරියට පවත්වා ගතයුතු බවත්, බදු ආදායම් තව වැඩි විය යුතු බවත්, ඒවා කඩාකප්පල් කිරීම නොවිය යුතු බවත්ය. ඒ කියන්නේ මේ ජවිපෙට දී ඇති පණිවිඩය එය බවය.
මෙය ජවිපෙට පමණක් නොව සජබයටද ෂඵත්‍ දුන් පණිවිඩයයි. සජබය ෂඵත්‍ යෑම පිළිගන්නා නමුදු එහි නිර්දේශ අනුව රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ගවලට විරුද්ධ බව ප්‍රකාශ කරමින් සිටියේය. ඒ අනුව ෂඵත්‍ ගිවිසුම අහෝසිකර ජනතාවට සහන පමණක්ම ලැබෙන අලු‍ත් ගිවිසුමක් ගහන බව තමන්ගේ මුග්ධ බව පෙන්වමින් සජිත් කියවමින් සිටියේය. ඔවුන්ද ෂඵත්‍ සමඟ කතා කළේ මොනවාද යන්න ගැන නිල වශයෙන් කීවේ නැත. දේශපාලන වේදිකාවල කරන කටමැත දෙඩවීමවලට සීමා විය.
කොහොම නමුත් අද ජනාධිපති රනිල් රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන, රට යළි ආර්ථික සංවර්ධන මාවතට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක කරතිබෙන විප්ලවීය ප්‍රතිසංස්කරණයන් ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට සජබයට හෝ ජවිපයට හෝ නොහැකිව තිබේ. මන්ද ඒ නිවැරදිම දේ නිසා සහ තමන් සතුව අර්බුදය විසඳන්න තබා සාමාන්‍ය තත්වයන් යටතේ රට සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් හෝ නිවැරදි ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් නොමැති වීමත් තුළය.
ජවිපෙ නිල වශයෙන් ප්‍රකාශිත ආර්ථික වැඩපිළිවෙල මොනාකාර විකාරයක්ද යන්න ගැන පසුගිය සතියේදී අප විශේෂ ලිපියක් මඟින් හෙළිදරව් කළෙමු. ඒ අනුව එවැනි විකාර ප්‍රතිපත්ති මඟින් මේ රට යළි කබාසිනියාකර, බංකොලොත් කිරීම හැර කිසිවක් වන්නේ නැති බව පැහැදිලිය. සජබයේ ප්‍රතිපත්තිය රනිල්ගේ ප්‍රතිපත්තියම වචන වෙනස්කර, පාට වෙනස්කර පැවැසීමකි. ඒවා කොහොම නමුත් අද රනිල්ගේ ප්‍රතිපත්තිය හැර අන් සරණක් තමන්ට නැති බව මේ අය අනියමින් හෝ පිළිගන්නා තැනට පත්කිරීම, රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ තවත් විශ්මකර්ම වැඩක් ලෙස හැඳින්විය හැකිය. ඉතිහාසය තුළ පාලකයකු හමුවේ මෙතරම් අසරණ වූ, පජාත වූ, නිවට වූ විපක්ෂයක් සිටියේ නැත.
ඒ අනුව ජනපති රනිල් මේ මොහොතේ දේශපාලන විප්ලවයක්ද සිදුකර ඇත. ඒ තමන්ට සහ තමන්ගේ දක්ෂිණාංශික දේශපාලන ආර්ථික දැක්මට මාරාන්තික ලෙස විරුද්ධ වූ බලවත්ම පාර්ශ්වයන් තමන්ගේ මතය පිළිගන්නා සේම තමන් පසුපස වැටුණු යැපෙන්නන් බවට පත් කිරීමය. වමේ කඳවුරේ නායකයා තමන් යැයි කියන අනුර කුමාරට සහ සමාජවාදී ජවිපෙට, දක්ෂිණාංශික කඳවුරේ ආර්ථික වැඩපිළිවෙල තමන්ගේද
වැඩපිළිවෙල බවට පිළිගන්නා තැනට ගෙන ඒමට රනිල් සමත් වීම එසේ මෙසේ පුතයෙකුට කළ හැකි දෙයක් නොවේ. එසේම පසුගිය කාලයේ විටින් විට ජවිපෙ නායකයන් වෙතින් ජනවාර්ගික ප්‍රශ්නය, වෙනත් සමාජීය ප්‍රශ්න, සම්බන්ධයෙන් දක්ෂිණාංශික විසඳුම් පිළිගෙන කතාකරන තැනට පත්වීමෙනුත් කියන්නේ මේ දේශපාලන විප්ලවය.
රටේ දේශපාලනය තුළ මෙච්චර හරියක් සිදුව තිබිය දී රාජ්‍යයේ පාලන බලය සජබයට හෝ ජවිපෙට නැතිනම් ඔවුන්ගේ ඊනියා බහුජන ව්‍යපාරය වූ ජාජබයට හෝ ලබාදීමෙහි තේරුමක් තිබේද යන්න කල්පනා කරබැලිය යුතුය. නිවැරදි තීන්දුගෙන නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින්, එසේම අධිවේගයකින් රට සංවර්‍ධන මාවතෙහි ගෙනයමින් සිටින ජනාධිපති රනිල් ඉවත්කර මේ ආතක් පාතක් නැති විපක්ෂයකට රටභාර දියයුතු යැයි තවමත් කල්පනා කරන අයක් සිටී නම් ඒ වෙදකමක් කරගත යුතු මානසික අවුලකි.
විපක්ෂය හදපු රැලි දැන් අවසන්ය. ඒවා රනිල් හදපු රැල්ලට යටවී ක්ෂය විය. මේ වෙලාවේ මතක තබාගත යුතු කරුණ නම් මේ රනිල් මීළඟ ජනාධිපතිවරණයට එන්නේ නිකම්ම නිකම් රැල්ලක් හදාගෙන නම් නොවන බවය. කටකයිවාරුකම් නැතිව, නිහඬ බහුතරය සමඟ නිහඬව වැඩකරන රනිල් ජනාධිපතිවරණයට එන්නේ ඡන්ද සුනාමියක් අරගෙනය. ඒකත් අපි හරියටම දැන්ම තියා කියා සිටිමු.

…..ඝෝෂක….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *