රනිලුයි අනුරයි ගහන්නේ එකම ගේම් එකක්

0

මේදිනවල ලංකාවේ දේශපාලනය තුළ උණුසුම් මාතෘකාව වුණේ ජවිපෙ නායක අනුර කුමාරගේ ඉන්දීය සංචාරය.
මේ සංචාරය ගැන උත්කර්ෂයට නංවමින් මාලිමාවට සහය දක්වන සමාජ මාධ්‍යකරුවෝ යූ ටියුබ් නාලිකාකරුවන් පුවත් මවන්න ගත්තා. ඒ සංචාරයෙන් සංඛේතවත් කළේ අනුර රටේ නායකයා වෙනවා කියන එක කියලා තමයි මේ අය කියන්නේ. අනුර ඊළඟ ජනාධිපති වෙනවා කියලා ඉන්දියාවට බුද්ධි තොරතුරු ලැබිලා ඒ නිසා තමයි අනුරට එන්න කිව්වෙ වගේ කතාත් හැදුවා.
මේ කතාවලින් උත්තේජනය වුණ ජවිපෙ හිටපු මන්ත්‍රී නාමල් කරුණාරත්න වගේ අයත් කියන්න ගත්තා ඉන්දියාවේ රෝ ඔත්තු සේවය කරපු සමීක්ෂණ වාර්තා ගැන. හරියට රෝ එකේ රහසිගත වාර්තා එයාගේ අතට දීලා තියනවා වගේ.
නාමල් නම් කමක් නෑ කියමුකෝ… අර හරිණි අමරසූරිය වගේ ජාත්‍යන්තරය වැඩ කරන්නේ කොහොමද කියලා දැනුමක් තියෙන ඇකඩමික් බුද්ධිමතුන් පවා නාමල්ලා කියන ජාතියේ සිල්ලර ජනප්‍රිය කතා කියවන්න ගත්තේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.
ඒ කතා මොනවා වුණත් මේ වෙද්දි ඇත්තටම සිද්ද වුණේ මොක්කද කියලා පැහැදිලියි.
අනුරට ඉන්දියාව එන්න කිව්වෙ ඇයි කියලා, මේ වෙනකොට ඇත්ත තොරතුරු එළිදරව් වෙමින් තියෙනවා. මැතිවරණ ළං වෙනකොට මෙහෙම ජිමික් වැඩ වෙනවා ඒක සාමාන්‍යයි. හැබැයි මෙතන වෙන යමක් තියෙනවා.
අනුර ඉන්දියාවට ගිය වෙලේ එයාව පිළිගන්න ගියේ ඉංදියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ක්ෂෙණිකා හේරත්. ජනාධිපති රනිල් එයාව ඉන්දියාවට යැව්වේ බොහොම මෑතක.
මේ සංචාරය තුළදි අනුරට මුණගැහැනු වැදගත්ම පුද්ගලයන් දෙන්නෙක් හිටියා. ඒ විදේශ ඇමති සහ ආරක්ෂක උපදේශක. ඒ ඇයි කියන එක ගැන පුවත්පතේ ඇතුළත පිටුවක සදහන් කරලා තියෙනවා.
ඊට පස්සේ ඉන්දියානු බලධාරීන් අනුරලා වටේ අරගෙන ගියා. ඒ අතරෙදි ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මුණ ගැස්සුවා. මෙතනදී අමූල් කිරි නිෂ්පාදන සමාගමේ පිරිසකුත් හමුවුණා එම සමාගමටම ගිහින්. ඒක වැදගත්. මොකද පහුගිය කාලයේ අනුර වගේම ජේවීපී එකේ නාමල්ලා කෑ ගගහා හිටියේ, අමූල් සමාගමට ජාතික පශුසම්පත් මණ්ඩලයේ :භඛෘඊ* ෆාර්ම් එක දෙන්න යනවා. අමුල් සමාගමට එන්න දෙන්නේ නෑ කිව්වා. විරෝධතා පවා කළා.
දැන් එතකොට අනුර කුමාර අමූල් එකේ අය හම්බ වුණේ ‘ඔයාල ලංකාවට එන්න එපා. එහේ බිස්නස් කරන්න දෙන්නේ නෑ.’ කියන්නද? ඉන්දියාව නිල ආරාධනාවක් කළේ අනුර ලව්වා අමූල් එකට එහෙම එකක් කියාගන්නද?
නෑ. අනුරගේ සංචාරය ගැන කියන අමුල් සමාගම කියන්නේ එයාලා ලංකාවේ කරන ආයෝජනය ගැන සාධනීය කතා බහක් කළා කියලා. අනුරලා මෙරට කිරි නිෂ්පාදන මෙහෙයුම් සඳහා තිරසාර සහයෝගයක් අපේක්ෂා කරනවා කියලා කිව්ව බව අමුල් සමාගම එයාලගේ ඞ ගිණුමේ සටහනක් පවා දලා තිබුණා
ඒ විතරක් නෙවෙයි අනුර අමුල්
සමාගමෙන් තෑගි බෝග ලබන වෙලාවෙම අමුල් සමාගමේ නියෝජිතයන් පිරිසක් ලංකාවට ඇවිත් ඒ පශුසමපත් මණ්ඩලයේ ගොවිපොළ ටික බලන්න ගිහින්. අමුල් සමාගමට එන්න දෙන්නේ නෑ කියලා මාස ගණනාවක් තිස්සේ විරෝධතා කරපු ජවිපෙට වෙච්ච දෙයක් හොයාගන්න නෑ කියලා මේ විරෝධතාවලට ගිය කිරි ගොවියෝ කියනවා.
ඉතිං අමූල් විතරක් නෙමේ…
මේ දවස්වල ජනාධිපති රනිල් වැඩිපුරම කතාකරන නැගෙනහිර සංවර්ධන සැලැස්මෙ ප්‍රධාන භූමිකාවක් කරන ටි්‍රන්කො ඩිවෙලොප්මන්ට් සමාගම, ටාටා සමාගම වාගේ තවත් හමුවීම් තිබුණා. අදානිගේ සමාගම් ප්‍රධානිනුත් ඒ අතර හිටියා.
ඒ වගේම ඉදිරියේ ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන සමාගම් කීපයක්ම අනුර කුමාර මුණ ගැහෙන්න නියමිතයි කියල තමයි අපිට තොරතුරු ලැබිලා තිබුණේ. ඒ අතරම මෙරට විදුලි හා බලශක්ති ඇමති කාංචන විජේසේකර හිටියෙත් ඉංදියාවේ. ඒ ඛභඨ සැපයුම, තෙල් නල සම්බන්ධ කිරීම, තෙල් හා ගෑස් ගවේෂණ, ඛෂධක්‍ මෙහෙයුම්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සහ තිරසාර බලශක්ති උත්පාදන සැලසුම් ගැන ඉන්දියාවේ බලශක්ති ප්‍රධානින් සහ ඉන්දීය රජය සමඟ ඒ ආයෝජන ගැන සාකච්ඡා කරමින්.
ඉතිං අනුරව ඉන්දිය බලධාරින් එක්කරගෙන ගියෙම ලංකාවේ ආයෝජන කරන්න බාලාපොරොත්තුවෙන් ඉන්න මහා ව්‍යාපාරික සමාගම්වලට. ලංකාවේ ජාතික සම්පත් කොල්ල කන්න එනවා කියලා ජවිපෙ හංවඩු ගහපු සමාගම් මේවා.
එතකොට මේ හමුවීම්වල වෙන්නෙ මොකක්ද කියන එක් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපිට.
අනුර ඉන්දියාවට යන කොට රනිල් ඕස්ටේ්‍රලියාවට යනව. තව ලොකු මිෂන් එකකට. ලංකාව වටේ තියන සමූද්‍රීය කලාපයේ ඒකාබද්ධව කටයුතු කරන ප්‍රමුඛතම රටවල් තමා ඕස්ටේ්‍රලියාව, ජපානය සහ ඉන්දියාව. එකම ආර්ථික සැලැස්මක් එකක් මේ අය වැඩ කරනවා. ජනාධිපති රනිල් උත්සහ කරන්නේ මේ සමඟ ඒකාබද්ධ වෙලා රට ගොඩදාන වැඩේ කරන්න. ඒත් මේවා එහෙම කරන්න බෑ. ඒවාට ඉඩ නොදීම දේශපාලනය කරගත්තු බලවේග මේ රටේ තියෙනවා. ඒවා අයින් කරගන්න ඕන. නැතිනම් ඒවා නම්ම ගන්න ඕන.
අනුර ඉන්දියාවට යන්නේ, නැතිනම් අනුරව යැව්වේ, ඒත් නැතිනම් ඉන්දියාව ගෙන්න ගත්තේ ඒ වැඩපිළිවෙලේම තවත් කොටසක් විදිහට නෙවෙයිනම් වෙන මොනවටද? ඉතිං මේක එකම ගේමක කොටස් දෙකක් කියන එක පැහැදිලියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *