රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවීන තාක්ෂණය ඔස්සේ.

0

ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ නිකුත් කිරීමට වැඩපිළිවෙල සකස් කර තිබෙන බවයි රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම තුලින් එම වැඩපිළිවෙල සකස් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචා ර් ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටිනවා.

අමාත්‍යවරයා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සදහන් කලේ මෙම වර්ෂයේ දී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව e-Motoring ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොරව කටයුතු කිරීමට මේ වන විට අවශ්‍ය සියලු කටයුතු කර ඇති බවයි.

තවද රියදුරු බලපත්‍ර 10,000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට තිබෙන බවයි අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *