රිය අනතුරකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මරුට

0

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (25) කටුනායක – කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ සුඛෝපභෝගී රථය, කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී එම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා සහ රියදුරු රථයේ සිට ඇති බව සඳහන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනා රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මියගොස් ඇති අතර ඔහු සමග ගමන් කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද මියගොස් තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *