ලංකාවට එන නව අමෙරිකානු තානාපතිනිය

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය නම් කර තිබෙනවා.

යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද තානාපති නිලධාරිනියක ලෙස සේවය කර තිබෙන ඇයගේ එම පත්වීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින්ද සිය එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පකිස්ථානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරනවා.

වත්මන් අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මියගේ මෙරට සේවා කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිතයි.