ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්.

අමෙරිකානු ඩොලර් මිලියන 150ක අරමුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවා.

ශ්‍රී ලංකාවේ තැන්පත් රක්ෂණ අයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීයකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතාකරණය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යන සංරචකයන් යටතේ මෙම අරමුදල පිරිනැමෙනු ඇති.

ඒ අනුව අදාළ යෝජනාවට එළැඹීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.