ලන්දේසි යුගයේ පැහැර ගත් තවත් කෞතුක භාණ්ඩ රැසක් ආපසු මෙරටට.

0

ලන්දේසීන් මෙරටින් රැගෙන ගොස් තිබූ ලෙව්කේ දිසාවට අයත් කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රන් පිහිය, රිදී කස්තානය සහ මහ තුවක්කු දෙකක් ඇතුළු කෞතුක භාණ්ඩ එකතුවක් නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

එම කෞතුක භාණ්ඩ සහිත බහාලුම් නෙදර්ලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච් (Bonnie Horbach) මහත්මිය විසින් බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාර දෙනු ලැබුවේ.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම පුරාවස්තු මෙරටට ගෙන ඒම සදහා නෙදර්ලන්ත රජය සමග විශේෂ මැදිහත් වීමක් සිදු කළ අතර ඒ වෙනුවෙන්  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමා විසින් සම්භන්ධීකරන කටයුතු සිදු කළා.

කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිතව තැන්පත් කර ඇති අතර දෙසැම්බර් මස 05 වැනි දින පෙරවරු 9.30 සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයක් මඟින් මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබනෙවා.

වර්ෂ 1756 ලන්දේසීන් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවැති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඵෙතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් මීට ඇතුළත්.

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත භාර දුන් අතර පසුව එය ඇමැතිවරයා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *