ලබන වසරේ සිට පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමයට.

0

සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ් ලබන වසරේ සිට බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනවල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් සිදුකිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කරනු ඇති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *