ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 250ක්

0

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක් වූ දෙවන වාරිකය ද නිකුත් කර තිබෙනවා.

මීට පෙර අවස්ථාවක ද ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ අතර සමස්තයක් ලෙස ඩොලර් මිලියන 700ක් මෙරටට ලබා දීමටයි එකඟ වී තිබුණේ.

අදාළ ඩොලර් මිලියන 700ක මුදලෙන් ඩොලර් මිලියන 200ක් සුබසාධන වැටසටහන් සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *