ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයින් එහි කටයුතු කඩාකප්පල් කරන බවට ජනපතිගෙන් චෝදනාවක්.

0

උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා

අද (23) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ.

තවද ජනාධිපතිවරයා පැවසුවේ, ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයින් එහි කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවයි.

මේ ගැන විභාග කරන්නට ඊලග සතිය වන විට වෙනම තේරුම් කාරක සභාවක් පත් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

අද පොලිසියටත් උසාවියටත් පත් කිරීම් කරන්නට නොහැකි වී ඇතැයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායක සභාවේ බෙදීම් නිසා තීරණයක් ගන්නට නොහැකි වී ඇතැයි කතානායකවරයා ලිපියකින් තමාට දැනුම් දී තිබෙන බවද සඳහන් කළා.

ව්‍යවස්ථාදායක සභාව එක පැත්තකින් තුනට බෙදී තව පැත්තකින් තුනක් බෙදී දෙන්නෙක් ඡන්දය දීමෙන් වැලකී ඇතැයි ද තව එක්කෙනෙක් පත් කර නැතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *