වැඩබලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි.

0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද(30) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

ඒ මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගත් අතර උසස් පොලිස් නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බවයි.

දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) දිනයේ නම් කරනු ලැබිණි.

ඒ අනුව මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.

මේ අතර, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *