විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභාවක්.

0

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තා වනවා.

ඒ පිළිබද ජනමාධ්‍ය අමාත්‍යවරයා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උපරිම අයුරින්  සුරක්ෂිත කරමින් ප්‍රශස්ත මාධ්‍යකරණයක් තහවුරු කිරීම අරමුණු කරගනිමින් විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වාදීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට මීට පෙර ඉදිරිපත් කරනු ලැබුයේ.

එහිදී යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු ප්‍රතිපත්තිමය කරුණු කවරේ ද යන්න පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කරන පත් කරන ලද අතර එකී කමිටුව විසින් කෙටුම්පතක් සකස් කර තිබෙනවා.

එම මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *