විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට ජපානය මෙරටට

0

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ දායකත්වය ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමේ වැඩසටහන් සදහා ආධාර මෙන්ම මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ද ජපානය විසින් ලබාදීමට නියමිත බවයි

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රවීණයන් වෙනුවෙන් ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහයෝගය ලබාදෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *