විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට.

0

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය සැපයුම මේ වන විට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට කර ඇති බව වාර්තා වනවා

මේ අනුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද කඩිනමින් විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙනුයි මෙලෙස දිවයින පුරා විදුලිය විසන්ධි වුණේ.

මේ අතර රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග සියලුම පොලිස් ස්ථානවලට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබුණා.

ඒ, ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි එලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *