විදුලි ගාස්තු ඉහළට.

0

විදුලිය ගාස්තු අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (19) පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවෙනු ඇති.

ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබෙනවා.

එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12ක්.

ඒකක 31 සිට – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩිවෙනු ඇති.

එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30ක්.

ඒකක 61ත් 90 ක් අතර රු. 400 සිට රු.480 දක්වාත්, 91ත් 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්, ඒකක 121ත් 180ත් අතර රු.1,500 සිට රු.1,770 සහ ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබෙනවා.

එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *