විදෙස් චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම ගැන ගත්තු අලුත් තීරණය.

0

විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත්‍රයක් භාරදීමේ දී මීට පෙර රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අයකර අතර නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව සදහන්.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *