විදේශ ණය හිමි පාර්ශ්වයන්ගෙන් ප්‍රතිව්‍යුහගතකරණයට කැමැත්ත

0

විදේශ ණයහිමි පාර්ශ්ව ප්‍රතිව්‍යුහගතකරණයට කැමැත්ත පළ කිරීම මෙරට ලබාගත් ජයග්‍රහණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

ඒ අනුව බංකොලොත්භාවයෙන් මිදී ලබන වසරේ පළමු කාර්තුව තුළ විනිවිදභාවය සහ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරුවනු ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

එමෙන්ම නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති යළි පණ ගැන්වීමට ද අපේක්ෂා කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මීට අමතරව මූල්‍ය විනය ආරක්ෂා කිරීමට අදාළ අණපනත් රැසක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *