විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා.

එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක්පත ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින්  නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම මුදල ලබාදීම සිදුකර තිබෙන්නේ. 

අදාළ රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේදීම ලබාදීමට පියවර ගැනුණා.