විපක්ෂ නායකට ඉල්ලා අස්වීමට බල කරපු විගණන වර් තා. (ඡායාරූප)

0

සංස්කෘතික කටයුතුඅමාත්‍යංශයට අදාළ රාජ්‍ය මුදල් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව පුද්ගලික අභිමතය සදහා යෙදවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව චෝදනා ඇතැයි මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් අද (06) පාර්ලිමේන්තුවේදී සදහන් කොට සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා නාගරික සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලයේ මෙම රාජ්‍ය මුදල් අවභාවිතයට පත් ව ඇති බව වැඩිදුරටත් සදහන් විය.

කෙසේ නමුත් මීට පිළිතුරු ලෙස අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස සදහ්න කොට සිටියේ අදාළ චෝදනාව ඔප්පු කරන්නේ නම් තමා විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

මෙහිදී අදාළ විගණන වර්තාවන් සභාව හමුවේ තැබීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත් අතර විපක්ෂ නායක වරයා අදාළ වාර්තාවට අදාළව ඉල්ලා අස්වන ලෙස බල කර සිටියේය.

මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් සභාව හමුවේ තැබූ විගණන වර්තාවන් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *