වෙනස භාරගමු.

0

හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දුන්නේ අහේතුකව නොවන බවට ප්‍රකාශයක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශය සමඟ උරණ වූ ඊශ්‍රායලය එය දැඩිව විවේචනයට ලක් කළේ මහ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවට ගර්ජනාත්මක ප්‍රකාශයක් සමගිනි.

මහ ලේකම් වරයාට ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතින්ගේ සාමජික රටක් මෙලෙස එම සංවිධානය තුළ දීම ප්‍රකාශයට පත් කිරීම ආන්දොලනාත්මක සිදුවීමක් මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ පැවැත්මටද අභියෝගයක් එල්ල කිරීමක් ලෙෂ සැලකිය හැකිය. මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ යුධ අපරාධ කරමින් සිටින බවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියද ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වන යුද්ධය වලක්වාළීමට එක්සත් ජාතින්ට හැකිව නැත. අවම වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට කරන අනුකම්පා විරහිත දරුණු ප්‍රහාරය මඟින් සිවිල් වැසියන් තොග ගනනින් ඝාතනයට ලක්වෙමින් තිබේ. විශේෂයෙන් දැරුවන් තුන් දහසකට වැඩි ගනනක් ඝාතනයට ලක්වන තත්වය තුළ හෝ මෙම මලේච්ඡ ප්‍රහාරය වැලක්වීමට එක්සත් ජාතින් අසමත්ව තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය ගොඩනගනු ලැබුවේ දෙවන ලෝක යුද්ධයත් සමඟ ඇතිවූ තත්වයන් තුළය. යළි ලෝක යුද්ධයක් ඇති වීම වලක්වා ලෝක සාමය පිහිටුවීම නීම මෙහි ප්‍රධාන අරමුණක් විය. මෙම සංවිධානයට පෙර තිබූ විශාලම ජාත්න්තර සංවිධානය වූ ජාතින්ගේ සංගමය අසාර්ථක වීම එක්සත් ජාතින්ගේ සන්විධානය බිහි කිරීමට එදා ලෝක නායකයන් තීරණය කර තිබිණි. කෙසේ නමුත් දශක හත අටක් තිස්සේ මෙම සංවිධානය ලෝක යුද්ධයක් වීම වලක්වා ගැනීමට යම් දායකත්වයක් කර තිබුණත් ලෝකයේ සාමය ආරක්ෂා කරගැනීමේදී එතරම් සාර්ථක වූයේ නැත. අද වන විට ලෝක පරිමාණයේ වෙළඳ යුද්ධයක් ඇතිව තිබේ. භූ-දේශපාලනික ගැටුම් උග්‍ර වී ඇත. ඒ අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරමින් ලෝකය ව්‍යාකූලකරන තැනට වැඩ සිදුවන විට අද ඊශ්‍රායල් හමාස් යුද්ධය එම බෙදීම තිව්ර කර ලෝකය දෙකඩ කිරීමට සමත්ව ඇත.

එමෙන්ම බලවත් රාජ්‍ය විසින් සාමය පිහිටුවීමට වඩා යුද්ධය අවුළුවාලීමට උල්පන්දම් දෙන ක්‍රියාකාරිත්වයක නියැලෙමින් සිටීම බරපතල කරුණකි. එසේම මෙම දෙරට යුද්ධය අතරට පැමිණ කලාපීය යුද්ධයක් ඇවිළවීමට කැසකවන බවද පෙනෙන්නට තිබේ. මේ තත්වයන් හමුවේ එයට එරෙහිව අනෙක් රටක් යුධ ප්‍රකාශ කරන තැනට වැටුණහොත් තත්වයන් පාලනය වීමට තිබු සියළු ඉඩකඩ ඇහිරෙනු ඇත. කෙසේ නමුත් මෙතක් තුන්වන ලෝක යුද්ධයක් ඇති නොවුණත් එය අද හෙටම ඇතිවිය හැකි අවදානම තිබේ. මේ අනුව ජාත්‍යන්තර සංවිධානයන් මීට විසඳුම් සෙවීමෙහි අසමත් වීම පැරණි ලෝකයේ කඩා වැටීමේ ආරම්භය සනිටුහන් කරවන්නකි.

ලෝකය අලුත් විය යුතු බවට වෙනස් විය යුතු බවට හඬක් නැඟෙමින් තිබුණ් මේ යුද ගැටුම් වලට පෙර සිටමය. ඒ අනුව නව ලෝක පිළිවෙතක් අනුව ලෝකය යළි හැඩ ගැසීම විය යුතු වීමේ වුවමණාව මේ වන විට දැඩිව මතු වෙමින් තිබේ. නමුත් මේ වුවමණාව අද ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරමින් සිටින්නේ නැඟී එන නව ආර්ථික බලවතුන්ගේ කලාපය වන ආසියානු රාජ්‍යයන් සමූහය වෙතිනි. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව වෙන් වෙන්ව හෝ ඒකාබද්ධව හෝ පෙරටු කරගත් ඒකරාශී වීම් සිදුවෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාත් ජාත්‍යන්තරය හමුවේ නිරන්තරයෙන් හඬ නැඟුවේ මේ වෙනුවෙනි. පැරණි ලෝක පිළිවෙත අදට නොගැලපෙන අසාර්ථක එකක් බවත් එය වෙනස් විය යුතු බවත් ඔහු එක්සත් ජාතීන් හමුවේත් පැවැසීය. නමුත් මැදපෙරදිග යුද තත්වය බලාපොරොත්තු වූවක් නොවීම මත සාමකාමී වෙනස් වීමකට තිබුණ ඉඩකඩද දැන් ඇහිරෙමින් තිබේ. නමුත් වෙනස් වීම කවර ලෙසකින් හෝ වීම සිදුවෙනු ඇත. වෙනස් වෙමින් අලුත් වෙමින් නව ගමනකට මුලපුරමින් සිටින ශ්‍රී ලංකාව දැන් මෙම ලෝක පිළිවෙතෙහි හදිසි වෙනස් වීමත් භාරගැනීමට සුදානම් විය යුතුය. නමුත් එය වඩා දුෂ්කරතා වලින් බහුල කාලයක් වීම නොවැලැක්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *