වෙළඳසැල්වලට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

0

වැට් බදු අය කළ හැකි සහ නොහැකි භාණ්ඩවල ලැයිස්තුවක් වෙළඳසැල් තුළ ප්‍රදර්ශනය කළ යුතු බව දන්වා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

වැට් බදු සඳහා ලියාපදිංචි වී නොමැති වෙළඳසැල්වලට අදාළ බදු අය කිරීමේ හැකියාවක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සදහන් කළේ.

කෙසේ වෙතත් එලෙස ලියාපදිංචි නොවී අදාළ අය කර ගැනීම් සිදු කරන ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *