වෛද්‍යවරු විදේශගත වීම අඩු වෙයි.

0

වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා

අධයාපන කටයුතු සඳහා විදේශගත වන වෛද්‍යවරු නැවත නොපැමිණීම ද අවම වෙමින් පවතින බවත් අධ්‍යාපනය සඳහා සහ වෙනත් කරුණු සඳහා වෛද්‍යවරු විදේශගත වීමේ අඩුවක් මේ වන විට ඇති බවයි  සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වරයා පෙන්වා දෙන්නේ.

දැනුවත් කිරීම සහ පහසුකම් දීම ආදිය තුළ ඉදිරියේදී වෛද්‍යවරු විදේශගත වීම තව දුරටත් අඩුකරගත හැකි බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *