ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක් සදහා ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර සාකච්ඡා.

0

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් මහතා අතර විශේෂ හමුවක් අද (26) පවත්වා තිබෙනවා

ඒ් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහායි.

තවද ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර කම්කරු සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීම, ඉතාලියේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ඉතාලි රජය අනුග්‍රහය දක්වන මෙම වැඩසටහන හරහා ඉතාලියේ රැකියා අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට එරට බලා පිටත්වීට පෙර පුහුණුවක් දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත්තේ.

ඉතාලියේ රැකියා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු කරමින් කෝටා ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද තානාපතිවරයාව දැනුවත් කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සදහන් කළා.

ඉතාලිය තුල රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතන නොමැතිකම පැහැදිලි කළ තානාපතිවරයා එම තත්ත්වය හේතුවෙන් ඉතාලියේ රැකියා වෙළඳපොළ වෙනත් බොහෝ රාජ්‍යන්ට වඩා වෙනස් බවද සඳහන් කර  තිබෙනවා.

මේ අතර අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින් සඳහා වන පවුල් නැවත එක්වීමේ වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන්ද තානාපතිවරයාව දැණුවත් කිර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *