ශ්‍රීලනිපයට වැඩ බලන මහලේකම්වරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ.එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වුණේ පක්ෂ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.