ශ්‍රී ලංකාව ආරක්ෂා වීමට වත්මන් ජනපති රටේ බාරකරු විය යුතුයි – වජිර අබේවර්ධන (එජාප)

රටට ජාතියට ආගමට ගරු කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ආරක්ෂා වන්න නම් ජනපති රනිල් වික්‍රමසිංහ රටේ බාරකරු විය යුතුයැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (18 දා) පැවැත් වූ මධ්‍යය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය

ඉතිහාසය පුරා අප රට පාවා දීම් සිදු කළේ ශ්‍රී ලාංකිකයන් විසින්මයි. ඒ රජවරුන් පාවා දීම් සිදුකළෙත් අපේම අය විසින්මයි. වර්තමානයේ රට මුහුණ දී තිබෙන තත්තවයෙන් ගොඩගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. යන ගමන ආපස්සට හැරෙව්වවොත් ආපසු හැරෙන්න වෙන්නෙ ගෑස් පෝලිමට, තෙල් පෝලිමට සහ කන්න නැති පෝලිමට බව මතක තබා ගත යුතුයි. ඒ අපරාධය මේ රටට කරන්න එපා කියලා මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ සියලු දෙනාට මතක් කරන්න කැමතියි.