ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපති ගත් තීරණය.

0

අයි.සී.සී තහනම ඉවත් කර ගැනීම සහ ක්‍රිකට් තරගාවලි අහිමිවීම පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමේ බලය අමාත්‍ය අනු කමිටුවට.
ජනපති කැබිනට් මණ්ඩලයේ දී තීරණය කරයි
.

දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.

එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය වේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *