ශ්‍රී ලාංකීය ජනගහනය පිළිබඳ අන්තර්ජාල දත්ත ගබඩාවක්.

0

අපරාධ වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවම පොලිසියේ ලියාපදිංචි කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (11) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඕනෑම අවස්ථාවක ඕනෑම අයකුට හඳුනා ගත හැකි වන පරිදි ශ්‍රී ලාංකීය ජනගහනය පිළිබඳ අන්තර්ජාල දත්ත පදනමක් නිර්මාණය කිරීම අරමුණ බවයි ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කළේ.

දෙමළ ප්‍රජාව මෙන්ම විශේෂයෙන් කොළඹ සිටින දෙමළ ජනතාව පොලිසියේ ලියාපදිංචි කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ

ජනවාර්ගික භේදයකින් තොරව මුළු ජනගහනයම ලියාපදිංචි කිරීමට තීරණය කර තිබෙන බවත් දෙමළ ජනතාවගේ තොරතුරු පමණක් ලබා ගන්නා බවට මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කරන චෝදනා පදනම් විරහිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වනවිට කොළඹ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගෙන් සියයට අනූවකගේ තොරතුරු ලබාගෙන අවසන් බවත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ තොරතුරු මෙලෙස ලබාගන්නා බවත්  පිට පළාතක ජීවත් වන අයකු වරදක් කර කොළඹට පැමිණ සැඟව සිටීද, කොළඹ තැනැත්තකු වරදක් කර පිට පළාතක සැඟව සිටීද යන්න ආදිය සම්බන්ධයෙන් වාර්තා පවත්වාගෙන යා යුතු බව ද අමාත්‍යවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *