ශාපලත් සාතන්ලාද? ජනතාවගේ පුත්‍රයාද?

0

“We are secured, not because we hold tightly to Jesus, but because he holds tightly to us.”

අප සුරක්ෂිත වන්නේ, අප ජේසුස් වහන්සේ තදින් අල්ලා සිටින නිසා නොව ඔහු අපව තදින් අල්ලා සිටින නිසාය.

“‍මේ නත්තල දිළින්දන් සමඟ සමරන්න, ඔබ එක් වේලක් දිළිඳු පවුලක් සමඟ එක්ව ලබාගන්න, නත්තල ඔවුන් සමඟ සමරන්න.”‍ කාදිනල්තුමාගේ නත්තල් පණිවිඩය එයයි. සැබැවින්ම එය ජේසු සමිඳාණෝ නත්තලට දුන් අර්ථය කැටිකර ගත් අපූරු පණිවිඩයකි. එසේ කිරීමෙන් මේ නත්තලේ, ඔබේ දිළිඳු සහෝදරයාගේ මෙන්ම ඔබේ ද සිතට සතුට, සැනසීම උදාවෙනු ඇත.
එහෙත් නත්තල් රැය පහන්ව උදාවන දිනයේ ඔහුගේ කුසගින්න ඔබට නිවා දැමිය නොහැක. එය කළ හැක්කේ ආගමෙන් නොව දේශපාලනයෙනි.
පසුගිය නත්තලට පෙර රට තිබුණේ අන්ධකාරයේ ගිලී යමිනි. කිසිවෙකු ඒ අන්ධකාරය තුළින් ආලෝකය සොයා යන මාවතට ජනතාව රැගෙන යාමට ඉදිරිපත්වූයේ නැත. එහෙත් එක් මිනිසෙක් මා ඔබ අන්ධකාරයෙන් ආලෝකයට රැගෙන යමි,යි පවසමින් ඉදිරිපත් විය. ජීසස්ට මෙන් ඔහුටද ගල් මුගුරු විවේචන හැර දිරිදෙන වදනක් හෝ නොවීය.
එහෙත් පහුගිය නත්තල උදාවන විට සිහින් ආලෝක දහරාවක් රටට පතිත වෙමින් තිබුණි.
“‍අන්ධකාරයේ සිටි මිනිසුන් ඉමහත් ආලොකයක් දුටුවෝය. ගණඳුරු දේශයේ විසූ අය කෙරෙහි එළියක් දැන් බබලන්නේය.”- ශුද්ධවූ බයිබලය
ආලෝකය කරා යන මඟ පළල් මඟක් නොවේ, පහසු මඟක්ද නොවේ, ආලෝකය වෙත ළඟාවීමට ඒ දුෂ්කර මඟ ගෙවා දැමිය යුතුමය.
රනිල් මෙය දැන සිටියේය. බංකොලොත් රටක කිසිවෙකුට සහනයක්, සැනසීමක් නැත. කළ හැකි එකම දේ හැකි ඉක්මනින් බංකොලොත්භාවයෙන් නිදහස් වීමය.
බංකොලොත්භාවයේ සිටියදී ලෝකයේ කිසි රටක් පඩි වැඩිකර නැත, විශ්‍රාම වැටුප් වැඩිකර නැත, සුබසාදන සහන වැඩිකර නැත. එය හරියටම පාන් ගෙඩියකින් සහ මාළු කූරීයන් දෙදෙනෙකුගෙන් පන්දහසක් මිනිසුන්ගේ කුස පිරවීම හා සමාන ප්‍රාතිහාර්යයකි. ඔහු එයද කළේය.
එහෙත්,
අන්ධකාරයේදී, කළහැකි කිසිත් නැතිවූ විට ඔහුව තෝරාගත් අනුගාමිකයන් පවා, රළු මඟ දිගේ රට ගෙනයාමේ දී මතුවන අභියෝග හමුවේ ඔහුව හැරයා හැක. ජුදාස් මෙන් ඔහුව පාවාදිය හැක.
එහෙත් ඒ මඟ හැර වෙනත් මඟක්ද නැත.
“‍පටු දොරටුවෙන් ඇතුළ්වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොරටුව විශාල ය. පාරත් පළල්‍ ය. එයින් ඇතුළු‍වන්නෝ බොහෝය, මක්නිසා ද ජීවනයට යන දොරටුව පටුය, පාරත් අවහිරය. එය හම්බ වන්නේ කීපදෙනෙකුටය.”
ජීසස්ගේ මේ කියමනට තව එක වාඛ්‍යයක් එක් කළ යුතුය. එනම්, නමුත් ඒ මඟ යන්නට ධෛර්යය තිබුණේ එකම එක මිනිසෙකුට පමණි. යන්නය.
ජීසස් මෙන් සියළු දෙනාගේ පාපයන් තමන්වෙත පවරාගෙන නින්දා, අපහාස විදිමින් ඒ මඟට ජනතාව කැඳවූයේ ඔහු පමණි. ඔහු දෙවියන්ගේ පුත්‍රයා නොවුණද, ඔහුට ජනතාවගේ පුත්‍රයා කියා ඇමතීමේ’වරදක්’නැත.
මේ නත්තලින් පසු උදාවන්නේ මැතිවරණ වසරකි. ලංකාව වැනි රටවලට මැතිවරණ වලට අවශ්‍යවන්නේ හරි මඟ නොව ජනප්‍රිය මඟය. ජනප්‍රිය නොවන හරි තීන්දු නොව ජනප්‍රිය වැරදි තීන්දුය, පොරොන්දු වැසිය, පහසු මාවත්‍ ය. ඒ පොරොන්දු මළු‍ ගෙනෙන සැන්ටලාට ළදරුවන් මෙන් රැවටී පහසු මාවතේ රූටාගොස් නිරයට වැටුණු පසුත් පහසු මාවතම සොයන මිනිසුන්ට අපි මෙසේ කියමු.
ජනප්‍රිය කතා කියන ජනප්‍රිය නායකයන්ව බොහෝ දෙනා තදින් වැළඳ ගන්නා මුත්, දුකේදී ඔබව ආරක්ෂා කළේ, ඔබ තදින් වැළඳ ගත් තැනත්තන් නොව ඔබ ප්‍රතික්ෂේප කළ එහෙත් ඔබව තදින් වැළඳ ගෙන සිටි මිනිසාය.
ඒ නිසා තීරණය ඇත්තේ ඔහුගේ අතේ නොව ඔබේ අතේය. ඔහු දැනටමත් ඔබව බංකොලොත්භාවයෙන් ගලවාගෙන ඇත. ඔබව ගලවාගත් ගැලවුම්කරුද, ශාපලත් සාතන්ලාගේ පොරොන්දු මළු‍ද යන්න ඔබම තීරණය කරන්න.’
තීරණය’ඔබේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *