සංවිධානාත්මක ජාලයක් හරහා විධිමත්ව සෞඛ්‍ය සේවාව සලසන බව සෞඛ්‍ය ඇමති කියයි.

0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාර්ය වී ඇත්තේ මෙරට තුල ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, ද්විතීයික සෞඛ්‍ය සේවාව හා තෘතීයික සෞඛ්‍ය සේවාව නැවත පණගන්වා ජනතාව තුළ විශ්වාසනීයත්වය ඇති කිරීම බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටිනවා.

ඊයේ (13) මහරගම අපේක්ෂා රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල විශාල මානව සම්පතක් සිටින බවත්, ඊට සමානව ඉතාම හොද යටිතල පහසුකම් පද්ධතියක් තිබෙන බවත් ඒ හේතුවෙන් සංවිධානාත්මක ජාලයක් හරහා විධිමත්ව සෞඛ්‍ය සේවාව සලසන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුල පිළිකා රෝගයට ගොදුරු වුන දරුවන් විශාල ප්‍රමාණක් සිටින බවත් අවාසනාවකට එම සංඛ්‍යාව ඉහල යන බවත් බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම සදහා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාවට නැංවිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ

තවද අපේක්ෂා රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට පවතින වත්මන් ගැටලු පිලිබදවත් විශේෂ අවධානයක් යොමු කරමින් රෝහල තුල හිඟයකින් තොරව ඖෂධ පවත්වා ගෙන යාමේ ක්‍රමවේදය අඛණ්ඩව, විධිමත්ව පවත්වාගෙන යන ලෙසට පියවර ගන්නා ලෙස අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට මෙහි දී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *