සමනල වැව ජලාශයේ පාවෙන සූර්ය බලාගාරයක්.

0

සමනල වැව ජලාශයේ ජල මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් වශයෙන් රජය පිළිගනු ලැබ තිබෙන බවයි වාර්තා වන්නේ.

ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මනා විභවයක් පවතින බවට හඳුනාගෙන තිබෙනවා

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින සමනලවැව ජලාශයේ දළ වශයෙන් හෙක්ටයාර 100ක ජල මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ.

අවකාශය මෙගාවොට් 150-200 පමණ පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බව තහවුරු වී ඇතැයි රජය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *