සරම්ප රෝගය යළි හිස ඔසවයි – එන්නත්කරණය ලබන මස සිට

0

මෙරටින් තුරන් කර තිබිය දී යළි රෝගීන් වාර්තා වන සරම්ප රෝගය සඳහා අවශ්‍ය එන්නත්කරණය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටිනවා.

ඒ අනුව පළමු අදියරේ දී එය සිදු කෙරෙන්නේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති පළාත් 09 තුළ පමණයි.

ලොව පුරා අවධානය කොවිඩ් 19 වෛරසය සඳහා යොමු වීමත් සමග ප්‍රතිශක්තීකරණ ආවරණය ලෝකය පුරාම අඩු වීම හේතුවෙන් සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ මෙලෙස ඉහළ ගොස් තිබෙන බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරනු ලැබුවේ 2019 වසරේ දී යි.

එසේම ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල ද මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩි වශයෙන් සරම්ප රෝගීන් වාර්තා වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවලයි.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල මාස 06ත්, 15ත් අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදිමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ.

මෙම වැඩසටහන 2024 ජනවාරි මස 06 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.

අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට ළඟම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදු කරනු ලබනවා.

කිසියම් අයෙකුට සරම්ප එන්නත් ලැබී නැතිනම් ඒ අය සඳහා ද සරම්ප එන්නත් ලබාදීම මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළා.

එසේම, නැවත වරක් සති දෙකකට පසු ජනවාරි මාසයේ තුන්වන සතියේ ද මෙවැනි වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *