ස්ථිර නොකළ පළාත් පාලන ආයතන වල සුළු සේවකයන්ට සුබ පණිවිඩයක්.

0

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත් , ඒ අනුව පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසුවේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (16 ) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි .

 “අවුරුදු 8ක් තිස්සේ මෙසේ වැඩකරන සුළු සේවකයන් 13,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට දැනට ඒ අදාළ පළාත් පාලන ආයතන මගින් වැටුප් ගෙවන බවත්, එමනිසා මෙම සේවකයන් ස්ථිර කිරීමේදී ආණ්ඩුවට මුදලක් වැය නොවන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ “මීට පෙරද මෙම ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙනවා. දැනට මේ ගැන සොයාබලා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටිනවා මෙම පිරිස ස්ථිර කිරීමට. එමෙන්ම එම පළාත් පාලන ආයතනවලට දැරීමට හැකි සහ නොහැකි ස්ථාන තිබෙනවා. එමනිසා මෙම ප්‍රශ්නය නිරවුල් කිරීමට, ප්‍රතිපත්තිමය තීරණයක් දැනටමත් ගෙන තිබෙනවා. අවශ්‍ය අනෙකුත් පියවර ගන්නවා” යනුවෙනුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *