සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ

සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සම්බන්දයෙන් පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරේ ලබන වසරේ මාර්තු 31 වැනි දින වන විට එම කටයුතු ජංගම දුරකථන යෙදවුමක් හරහා සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, ජංගම දුරකථනයක් මිල දී ගැනීමේ දී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාංපදිංචි දුරකථනයක් ද යන්න තහවුරු කරගත යුතු බව එම කොමිෂන් සභාවේ අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ, 1909 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමුකිරීම මගින් ඒ බව තහවුරු කර ගත හැකි බවයි.